Friday, September 16, 2011

Computer Programming - part 2



Q. දෙන ලද ඕනෑම ඉලක්කමක් සඳහා ක්‍රමාරෝපිතය ලබාදෙනපරිදි program1 ක් සකස් කරන්න.

Ø බැංකුවක් සඳහා මෘදුකාංගයක් අවශ්‍ය වී තිබෙ.ඔවුන්ට අවශ්‍ය උවමනාවන් පහත දැක්වේ.

ü සෑම වයස්ගත පාරිභෝගිකයෙකු හටම 2%ක අතිරේක පොලියක් හිමිවේ(පොලියත් සමගම මෙම වැඩි වීම් අදාල වේ).

ü සෑම කාන්තා පාරිභෝගිකයෙකු හටම 1.2%ක අතිරේක පොලියක් හිමිවේ.

ü සෑම ගිණුමකටම හිමි පොලී අනුපාත පහත දක්වා ඇත

 ළමා ඉතුරුම් ගිණුම් 9%

 වැඩිහිටි ඉතුරුම් ගිණුම් 7.5%

 ජංගම ගිණුම් 5%

 සාමාන්‍ය ඉතුරුම් ගිණුම් 8%

බැංකුවේ ගිණුම්තබන්නා විසින් පාරිභෝගිකයාගේ ගිණුමේ ඇති සම්පූර් ශේෂය (පොලිය රහිතව ),අවසානයට ගිණුම් ශේෂය පිරික්සු දවස, පාරිභොගිකයාගේ උපන් අවුරුද්ද හා ස්ත්‍රි පුරුෂ භාවය ඇතුලත් කරනු ඇත.අවසානයේ ගිණුමේ ශේෂය ලැබිය යුතුය.


ඡායාරූප විශාල කර බැලීමට ඒ මත ක්ලික් කරන්න. නැතහොත් ඒ මත right click කර ලැබෙන මෙනුවෙන් open link in new tab යන්න ක්ලික් කරන්න.



Wednesday, July 13, 2011

Computer Programming - Part 1

  • මොකක්ද මේ ක්රමලේඛනය?
ක්රමලේඛනය යනු පරිගණකය ඇසුරින් ගැටලු විසදීමේ ක්රාමවේදයයි. එනම් පරිඝනක ක්රම ලේඛනයක් යනු යම් කිසි අරමුනක් ඉටු කරගැනීමට පරිගණකය වෙත ලබා දෙනු ලබන අනුපිලිවෙලක් සහිත විධාන සමූහයකි.

ගැටලු විසදීමේ තාක්ෂණික ක්රමවේදය.
1. ගැටලුව හරි හැටි තේරුම්ගැනීම.
a. ගැටලුව මනා ලෙස කියවා අවබෝධ කර ගැනීම.
b. ගැටලුව සංකීර්ණ නම් එය තවත් කුඩාසංකීර්ණ නොවන ගැටලු බවට පත් කිරිම.
2. ගැටලුව විසදීමට අවශ්ය දේ හඳුනා ගැනීම (input)
3. ගැටලුව විසඳීමෙන් ලැබෙන ප්රතිඵල හඳුනා ගැනීම (output)
4. ගැටලුව විසදීම සඳහා ක්රකමවේදයක් සකස් කිරිම.(algorithm)

  • ගැලීම් සටහන(flow chart)

ගැලීම් සටහනක් යනු යම්කිසි ක්රිදයාවලියක ට හෝ ගැටලු විසඳීමකට අදල සමස්ත ක්රියාවලිය නිරූපනය කිරීමට භාවිතා කරන රූපසටහනකි. එය නිර්මාණය කිරීමට ලාක්ෂනික වූ සම්මත සංකේත ක්රමවෙදයක් පවතී පහත වගුවෙහි ගැලීම් සටහන් ඇදීමට භාවිතා කරන එම සම්මත සංකේත විස්තර කර ඇත.


මෙම රූපීය නිරූපනය මගින් දෙන ලද ගැටලුවක් සදහා ක්රරමානුකූලව උත්තරය ලබගත හැක. ගෑලීම් සටහනක පවතින්නා වූ ප්රයෝජන වන්නේ තේරුම් ගෙනීමේ පහසුව හා පැහැදිල ව සරල ව ගැටලුව චිත්රනය කල හැකි වීමයි.

නීති.

සෑම ගැලීම් සටහනක්ම Terminator ලකුණින් ආරම්භ කර Terminator ලකුණින් අවසන් විය යුතුයි.
ක්රියාවලීන් සඳ එකම ආරම්භක ස්ථානයක් සහ එකම අවසාන ස්ථානයක් තිබිය යුතුයි.
තීරණ සඳහා එකම ඇතුල් වීමේ ස්ථානයකුත් එහි නිවැරදි අවස්ථාව සඳහා එක් පිටවීමකුත් වැරදි අවස්ථව සඳහා වෙනත් පිටවීමකුත් තිබිය යුතුයි.

  • Algorithm

Algorithm is any well defined computational procedure that takes some value or set of values as input and produces some value or set of values as output.

ඇල්ගොරිතමයක් යනු කිසියම් අගයක් හෝ අගයන් කිහිපයක් අදාල ලෙස භාවිතා කරමින් කියම් අගයක් හෝ අගයන් කිහිපයක් ප්රතිදාන ලෙස ලබා දෙන මනා ලෙස විග්රහ කරනු ලබු ගණනය කිරීමේ ක්රම වේදයකි. වෙනත් අයුරකින් පැවසුවහොත් ගැලීම් සටහනක ලිඛිත ස්වරූපය ඇල්ගොරිතමයක් වේ.


ඇල්ගොරිතමයක ගුණාංග

1.නිවැරදි බව.
2. සැක සහිත නොවිය යුතුයි.
3. සෑම අවස්ථාවක් සඳහාම ලබදෙන පිලිතුර නිවරදි විය යුතුයි.
4. සරල විය යුතුයි.
5. අවසානයක් තිබිය යුතුයි.

Q. කූඩාරමක් තනාගැනීමේ ක්රමවේදයසඳහාAlgorithmයක් ලියන්න.


  • මොකක්ද මේ programming language?
පරිගණකයට තේරුම් කර ගත හැකි ආකාරයට යම් අරමුණක් ඉටු කරගැනීමට විවිධ වූ විධාන පරිඝනක වෙත ලබා දීමට භාවිතා කරනු ලබන කිසියම් ලාක්ෂනික ව්යාකරන සහිත භාෂාවන් ක්රම ලේඛන භාෂා හෝ programming language ලෙස හඳුන්වයි.

high-level programming languages

පරිගණකයත් සමග ඉතාම සවිමත් ලෙස සහසම්බන්ධතා පැවත්වියහැකි lanuages වේ.එය ව්ය වහරික භාශාවේ වචන වලට සමන වූ වචන යතුරු වචන (key word) වලින් සමන්විත නිසා පහසුවෙන් මතක තබා ගත හැකිය.
උ.දා: C#, VB, C++, Java, C, Pascal, python

low level programming language
දෘඩාංග සමග බොහෝ සෙයින් සමීපව කටයුතු කරන languages,low level languages ලෙස හඳුන්වනු ලබයි.

 Machine language.
Assembly languages

Tuesday, July 12, 2011

Computer Networking - Part 1


  • What is a computer network
අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ.
  1. පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.
  2. ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
  3. මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
මීට අමතර වාසි රැසක් අපට අන්තර්ජාලය භාවිතයේදී ලබා ගත හැකි අතර ඒවා මෙම පාඩමේ පසුවට සාකච්ඡා කෙරෙනු ඇත.

  • Network Types
පරිගණක , පරිගණක ජාලයකට සම්බන්ධ කෙරී ඇති පරිගණක ප්‍රමාණය අනුව , ඒවායේ විහිදීම අනුව , භාවිතාව අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් ,
  1. PAN - Personal Area Networks
  2. LAN - Local Area Networks
  3. MAN - Metropolitan Area Networks
  4. WAN - Wide Area Networks
  5. VPN - Virtual Private Networks

  • PAN
PAN එකක් යනු තනි පුද්ගලයෙක් සතු පරිගණකයක් හා වෙනත් උපකරණ සමග තොරතුරු හුවමාරුව සඳහා උපයෝගී කරගන්න ජාලයකි. පරිගණයක ඇති පmp3 ගොනුවක් Bluetooth තාක්ෂණය භාවිතයෙන් ජංගම දුරකතනයකට හෝ mp3 player එකකට ලබා ගැනීම මේ සඳහා උදාහරණයකි. PAN එකක් සඳහා රැහන් සහිත හා රැහැන් රහිත උපාංග දෙවර්ගයම භාවිතා කරනු ලැබේ.
  • LAN
LAN එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් , පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි පුද්ගලයෙකුගේ (Network Administrator) පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.


  • WAN
WAN එකක් යනු විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පරිගණක ජාල වේ. මේවා නගරයක් පුරා හෝ රටක් පුරා හෝ මහද්වීපයක් පුරා පැතිරී තිබිය හැක. විවිධාකාර වූ දත්ත සම්ප්‍රේෂන මාධ්‍ය මේ සඳහා යොදා ගනී. අන්තර්ජාලය යනු මේ සඳහා හොඳම උදාහරනයයි.
  • MAN
විශාල නගරයක් හෝ ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල ඵAභ වලට අයත් වේ. අන්තර්ජාල සේවා සපයන්නන් මේ සඳහා උදාහරණ වේ.

  • Network Types
පරිගණක ජාලයකට සම්බන්ධ කර ඇති පරිගණක හෝ වෙනත් උපකරණ හඳුන්වන්නේ Node යන නාමයෙනි. මෙලෙස Node පරිගණක ජාලයට සම්බන්ධ කරන රටාව අනුව පරිගණක ජාල සැලසුම් රටා කිහිපයක් පවතී.
  1. Bus Topology
  2. Star Topology
  3. Tree Topology
  4. Ring Topology


  • Bus Topology
සියළුම Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කිරීමෙන් ලැඛෙන ජාල රටාවට topology එක යැයි කියනු ලැබේ. Node එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්‍රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන වාසියකි. සියළුම Nodes වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.

  • Star Topology
Star topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodesමධ්‍යගතව ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට Node එකතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැඛෙන දුර්වල කමකි.

  • Tree Topology
ඉහතදී අප සාකච්ඡා කල Bus හා Tree යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree topology එක සැලකිය හැක.Star topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන් කිහිපයක් Bus topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්‍රමයේ ඇති ප්‍රධාන වාසියක් වේ.

  • Ring Topology
සෑම Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල Ring topology එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත් Nodes හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.

ICT in Real Life

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු පරිගණක හා දුරකථන සන්නිවේදන තාක්ෂණය යොදාගෙන සිදු කරනු ලබන තොරතුරු හුවමාරුවයි.
මෙය තොරතුරු තාක්ෂණයට බොහෝසෙයින් සමාන වන අතර මෙහි Internet, Cell Phones සහ අනෙකුත් සන්නිවේදන මාධ්‍යන් ඇතුලත් වේ
  • තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ පවතින රැකියා අවස්ථා
1. Software Engineer - පරිගණක මෘදුකාංග සඳහා මෘදුකාංග ඉංජිනේරු මුලධර්ම ඇතුලත් කරමින් මෘදුකාංග සැලසුම් කිරීම , සංවර්ධනය කිරීම , පරික්ෂා කිරීම හා ඇගයීමේ කටයුතු සිදු කරයි.

2. Project Manager - මෘදුකාංග සඳහා වූ ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට මෘදුකාංග නිෂ්පාදනය දක්වා වූ කාර්යන්වල නායකත්වය හා වගකීම් දරයි.

3. Network Engineer - සංවිධානයක් හෝ සංවිධාන තුල සන්නිවේදන කටයුතු වලට අදාල පරිගණක ජාල ස්ථාපිත කිරීම හා නඩත්තු යන කටයුතු සැලසුම් කරයි.

4. Web Designer - නිර්මාණශීලී ලෙස වෙබ් අඩවි සකස් කිරීමට අදාල කාර්යන් සිදු කරයි.

5. Application Developer - මෘදුකාංග සංවර්ධනයට අදාල code ලිවීම සිදු කරයි

6. Database Administrator - පරිගණක දත්ත පද්ධති වලට අදාල ආරක්ෂණ , සංවර්ධන හා නඩත්තු කටයුතු සිදු කරයි.

7. Database Engineer - පරිගණක දත්ත පද්ධති සැලසුම් කිරීම,නඩත්තු කිරීම, හා සංවර්ධන කටයුතු වලට අදාල වගකීම දරයි.
  • තොරතුරු තාක්ෂණයේ ඇති වැදගත්කම
  1. සන්නිවේදනය වේගවත් වීම
  2. සන්නිවේදන පිරිවැය අඩු වීම
  3. තාත්වික සන්නිවේදනයක් සිදු කල හැකිවීම
  4. ලිපි ලේඛන භාවිතය අඩු වීම
  5. සන්නිවේදන කටයුතු පහසු වීම
  • තොරතුරු තාක්ෂණය සඳහා පවතින බාධක
  1. නවීන මෘදුකාංග වල පවතින ඌනතාවය
  2. දුරස්ථ ප‍්‍රදේශවල පවතින යටිතල පහසුකම් වල ඌනතාවය
  3. තොරතුරු තාක්ෂණයේ පිළිබඳව පවතින දැනුවත්භාවයේ ඌනතාවය
  4. ප‍්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැතිකම
  5. පිරිවැය අධික වීම
  6. තොරතුරු තාක්ෂණයේ සඳහා සිදුකරනු ලබන ආයෝජන ප‍්‍රමාණවත් නොවීම
  7. වෙනත් සමාජමය ගැටළු
  • ඩිජිටල් ආර්ථිකය : Digital Economy
ඩිජිටල් ආර්ථිකය යනු විද්‍යුත් ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා (Electronic goods and Service) නිෂ්පාදනය හා බෙදාහරීමේ වෙළඳපල මත පදනම් වූ ආර්ථිකයකි.
මෙහිදී ආර්ථික කටයුතු පරිගණක ,අන්තර්ජාලය හා වෙබ් සේවා මත පදනම් වී ඇති අතර මුදල් ලෙස බොහෝ විට ඉලෙක්ට්‍රෝනික මුදල් භාවිතා වේ.
මෙහිදී රජය e-Government තුලින් ආර්ථිකය හසුරවයි. ඒසේම විද්‍යුත් සේවා හරහා රජය සේවාවන් සපයයි.
මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ (ICT) දායකත්වය ඉතා වැදගත් වේ.
  • විද්‍යුත් වාණිජ්‍යය : e -Commerce
පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා මිලදී ගැනීම් කටයුතු වේ.ලෝකයේ මේ සඳහා වැඩියෙන්ම ලෝක ව්‍යාප්ත වෙබ් ජාල(WWW) උපයෝගී කරගනී.
  • විද්‍යුත් වාණිජ කටයුතු කීපයක්
1. News Groups- විවිධ ක්ෂේත‍්‍රවල පුද්ගලයින් අතර පවතින වෙනස් වන හා නව අදහස් හුවමාරු කරගැනීම සඳහා උපකාරී වන මෙය දැන්වීම් පුවරුවක කාර්යට සමාන වේ.

2.Electronic Tickets - ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන සකස් කරන ප‍්‍රවේශ පත‍්‍ර වේ.

3. Group Buying - විද්‍යුත් ව්‍යාපාර වලින් එකවර විශාල තොග මිලදී ගැනීම සඳහා සංවිධාන කිහිපයක් එකට එකතු වී මිලදී ගැනීම් සිදු කිරීමයි

4.Teleconferencing - දුරකථන සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයින් සමුහයක් අතර සිදු කරන සාකච්චා කටයුතු වේ.

5. Online Shopping- පරිගණක හා අන්තර්ජාලය භාවිත කරමින් නිවසේ සිටම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමයි

6.Online Banking - පරිගණක හා අන්තර්ජාලය භාවිත කරමින් නිවසේ සිටම බැංකු කටයුතු සිදු කිරීම

  • විද්‍යුත් වාණිජ්‍යයේ ස්වරූප
ගනුදෙනු සිදුවන පාර්ශව අනුව වර්ග වේ
  • ව්‍යාපාර ව්‍යාපාර අතර B 2 B
  • ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතර B to C
  • ව්‍යාපාර හා රජය අතර B 2 G
  • පාරිභෝගිකයන් හා පාරිභෝගිකයන් අතර C 2 C
  • රජය හා ව්‍යාපාර අතර G to B

විද්‍යුත් වාණිජ්‍යයේ වාසි
  • ඉක්මනින් මිලදී ගැනීමට හා විකිණිමට ඇති හැකියාව
  • පාරිභෝගිකයින්ට ඉක්මනින් ළඟා වීමේ හැකියාව
  • අඩු මෙහෙයුම් පිරිවැය
  • ව්‍යාපාර කටයුතු කළමනාකරණයේ පහසුව
විද්‍යුත් වාණිජ්‍යයේ අවාසි
  • භාණ්ඩවල ගුණාත්මකභාවය සඳහා සහතිකයන් නොමැතිවීම
  • කාර්මික දෝෂ මත ව්‍යාපාර බිඳ වැටිය හැක
  • ව්‍යාජ වෙබ් අඩවි පැවතීම
විද්‍යුත් ව්‍යාපාර
විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වාණිජ්‍යට වඩා පුළුල් සංකල්පයක් වන අතර තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිතීය අවස්ථාවන්ය.විද්‍යුත් ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වෙනස් වීම ඉක්මනින්ම බලපායි. නව්‍යතා සම්පාදනයට හා ඉක්මනින්ම වෙනස් වීමට හැකියාව තිබිය යුතුය
  • විද්‍යුත් ව්‍යාපාර වර්ග
1. E shops
2. E auctions
3. E entertaintment
4. E mails
විද්‍යුත් ව්‍යාපාර වල වාසි

1. ව්‍යාපාර අතර තරගකාරී බව
2. කාලය හා පිරිවැය අඩු වීම
3. වැඩි පාරිභෝගිකයින් සංඛ්‍යාවක් පිවිසීම
විද්‍යුත් ව්‍යාපාර වල අවාසි

1. මිලදී ගැනීම් වලදී ව්‍යාපාර අලෙවි කරුවන්ට හසු වීම
2. තාක්ෂණයේ භාවිතයේ ගැටළු
3. ඉල්ලූම් කල ඇනවුම් නොලැබීම
4. භාණ්ඩ ස්පර්ශ කල නොහැකි වීම
නව ප‍්‍රවනතා

1. Web Portal
2. Soft Money
3. Virtual Stores
4. Online Auctions

Computer Software

  • මෘදුකාංගයක් යනු කුමක්ද?
අපගේ කටයුතු කරගැනීම සඳහා computer එක උපයෝගී කරගත හැකි වන අතර ඒ සඳහා අවශ්යක කරන්නේ යම් කිසි programming language එකක් උපයෝගී කරගෙන යම් කිසි කාර්යයක් කිරීම සඳහා සකස් කරන ලද instructions set එකකි. Software එකක් ලෙස හඳුන්වන්නේ මෙලෙස සකස් කළ instructions set එකකි.

  • මෘදුකාංග යෙදුම් (Application Software)
පරිගණකයක ප්රකධාන කොටස් දෙකකි. ඒවා දෘඩාංග(Hardware) හා මෘදුකාංග(Software) වේ. දෘඩාංග යනු පරිගණකය තුල ඇති අපට ඇසට පෙනෙන දේවල් ය. නමුත් දෘඩාංග පමණක් ඇති පරිගණකයකින් අපට කළ හැක්කක් නොමැත.පරිශීලකයා දෘඩාංග හා සම්බන්ධ කරන මාධ්යකයක් ලෙස මෘදුකාංග ක්රියා කරයි.




System Software

H/W වලට වඩාත්ම ලඟින් ඇති මෘදුකාංග වර්ගය වේ.
උදා:
  • මෙහෙයුම් පද්ධති (Operating Systems)
  • Device drivers


මේවා හැර compilers, linkers, loader, debuggers වැනි මෘදුකාංග ද system software ලෙස හැඳින්වේ.

  • Utility Software

මෙහෙයුම් පද්ධතිය මඟින් ලබාදෙන පහසුකම් වලට අමතරව වෙනත් පහසුකම් ලබාදෙන්නා වූ මෘදුකාංග Utility Software නමින් හැඳින්වේ. මේවා වර්ග කිහිපයක් පහත දැක්වේ.

1. Virus scanners
2. Compression utilities
3. Registry cleaners
4. Disk defragmenters
5. Data Recovery tools
6. Performance boosters
7. CD Burners
8. Partitioning software
9. System profilers
10. Binary/Hex/Text editors
11. Network utilities
12. Encryption Utilities
13. Application Software

කිසියම් වූ නිශ්චිත කාර්යයක් ඉටුකර ගැනීම සදහා වූ මෘදුකාංග වේ. මේවා භාවිත කිරීමෙන් පරිශීලකයාට තව කාර්යයක් පහසුවෙන් කරගත හැකි ය.

උදා:
  • Word Processors
  • Presentation processors.
  • Spreadsheet software.
  • Database management software’s.
  • Web developing software’s
  • Enterprise software’s
  • Educational software’s
  • Simulation software’s.
  • Media development software’s.

  • වදන් සැකසුම් මෘදුකාංග (Word Processors)

වදන් සැකසුම් මෘදුකාංගයක් යනු ලේඛනයක් යතුරු ලියනය කිරිමට, සැකසීමට, පරිගණකයෙහි එය ගබඩා කර තබා ගැනීමට සහ සමහර විටෙක මුද්රනණය කර ගැනීමට උපකාර වන්නකි. සරල ලෙස කිව හොත් යතුරු ලියනයේ කාර්යයන් පරිගණකයෙන් කරගැනීමට උපකාර වන මෘදුකාංගයකි.
ලේඛනයක ඇති වචන/වාක්යෙ ඛණ්ඩ සෙවීම, ස්වයංක්රීරයව ලේඛණය සඳහා පටුන, පිටු අංක වැනි දෑ එකතු කිරීම ද වදන් සැකසුම් මෘදුකාංග වල දක්නට ලැබේ.
වර්තමාන වදන් සැකසුම් මෘදුකාංග මීට එහා ගොස් වියරණ දෝෂ සෙවීම වැනි සංකීර්ණ කාර්යයන් ද කරනු දැකිය හැකි ය.
වදන් සැකසුම් මෘදුකාංග සඳහා උදාහරණ

  • Microsoft Office Word
  • OpenOffice.org Writer
  • Corel WordPerfect
  • KWord
  • AbiWord
  • StarOffice Writer


  • අන්තර්ජාලයට සම්බන්ධ මෘදුකාංග (Internet Related Software)

අන්තර්ජාලය(Internet) යනු ලොව පුරා ව්යාෝප්ත පරිගණක ජාලවල එකතුවකි. මෙම පරිගණක ජාල හරහා දත්ත (data) හුවමාරු වීම සිදුවන්නේ පැකට් හුවමාරු(Packet Switching) ක්රeමය මඟින්ය. මෙම ජාලය මිලියන සංඛ්යා්ත අධ්යාරපන, ව්යාපපාරික, රාජ්යා සහ domestic කුඩා ජාල වලින් සමන්විත අතර මෙමඟින් විවිධාකාර තෙ‍ාරතුරු හා සේවාවන් ලබාගත හැක. (Electronic mail, online chat, file transfer & other resources in world wide web) මෙම කො‍ටසේදී අපි අන්තර්ජාල භාවිතයෙන් අපට තොරතුරු හා සේවාවන් ලබා ගැනීමට සහය වන මෘදුකාංග කිහිපයක් ගැන විමසා බලමු.

  • Web Browsers

Web Browser එකක් යනු කිසියම් වෙබ් අඩවියක වෙබ් පිටුවකට ඇති විවිධ තොරතුරු හා සේවා ලබාගැනීමට භාවිත කරන application software වර්ගයකි. විවිධ වෙබ් පිටු වල අඩංගු hyperlink මාර්ගයෙන් වෙනත් වෙබ් පිටු වලට හෝ එම වෙබ් පිටුවේම වෙනත් ස්ථානයකට ඉක්මණින් හා පහසුවෙන් ළඟාවීම මෙ‍ම Web Browser භාවිතයෙන් සිදුකළ හැක.

  • බහු මාධ්ය යෙදුම් (Multimedia Applications)

Multimedia යනු අදහසක් ප්රදකාශ කිරීම සඳහා අකුරු (text), පින්තූර, ශ්රනව්යව මාධ්යා (Audio), වීඩියෝ සහ සජීවීකරණ (Animation) වැනි විවිධ මාධ්යt යොදා ගැනීමයි. අපි විවිධ අවස්ථාවලදී බහුමාධ්යව යොදා ගනිමු.

1. ව්යාපාර සඳහා
  • දැන්වීම් සහ වෙළඳ ප්ර චාරණය (Advertising/Marketing)
  • ඉදිරිපත්කිරීම්(Presentation)
  • වෙබ් පිටු සැලසුම්(Web designing)

2. අධ්යා පන ආයතන සඳහා
  • E-Learning
  • CD-ROM Based learning
  • Virtual Labs
3. නිවසේදී
  • පරිගණක ක්රීඩා
  • සංගීතය
  • චිත්රයපට
4. දෘෂ්යද මාධ්යe සැකසුම (Image processing)
  • X Ray
  • Ultra sound scanning
  • Fingerprint identification
5. Virtual Reality

Monday, July 11, 2011

Computer Hardware - part 1


පරිගණකයක් සෑදී ඇත්තේ විවිධාකාර වූ දෘඩාංග කොටස් එකතු වීමෙනි. පරිගණකයේ මෙම දෘඩාංග කොටස් හා මෘදුකාංග කොටස් එකතු වීමෙන් පරිගණකය සාමාන්‍ය වැඩ කටයුතු කරගත හැකිවන පරිදි සකස් වී ඇත.

Basic Hardware Components

පරිගණකයක වැඩ කටයුතු සිදුකරගෙන යාමට අත්‍යාවශ්‍ය පරිගණක දෘඩාංග කිහිපයක් පිළිබඳව අපි දැන් සලකා බලමු.

  • මව් පුවරුව (Mother Board)

මව් පුවරුව )Mother board) යනු පරිගණකයක විවිධ අංග එකලස් කිරීම සඳහා යොදා ගනු ලබන පරිපථ පුවරුවකි. පරිගණකයෙන් සිදුවන input, output හා storage වැනි ප්‍රධාන කාර්‍ය්යන් ඉටු කරගැනීම සඳ‍හා අවශ්‍යවන විවිධ උපාංග සවී කිරීම සඳහා ඒවාට වි‍ශේෂයෙන් වෙන් වූ ස්ථ‍න මවී පුවරුව මත පිහිටා ඇත පරිගණකය upgrade කර ගැනීමට අවශ්‍ය විට ඒ සඳහා විවිධ උපාංග අලුතින් සවි කිරීමට අවශ්‍ය පහසුකම් ද මව් පුවරුව මත සපයා ඇත.

  • ප්‍රොසෙසරය (Processor)

පරිගණකයක් යනු දෙන ලද යම්කිසි උපදෙස් පද්ධතියකට අනුව දත්ත මතකයේ තබා ගත හැකි,නැවත මතකයෙන් ලබා ගත හැකි හා යම් ක්‍රියා පිළිවෙලකට එම දත්ත සැකසිය හැකි මිනිසා විසින් සාදන ලද නිශ්චිත වැඩසටහනක‍ට අනුව ක්‍රියාත්මක කළ හැකි ඉලෙක්ට්‍රොනික යන්ත්‍රයකි.අනෙකුත් විද්‍යුත් උපකරණ සමග ඔබගේ පරිගණකය සංසන්දනය කර බැලු විට එය තවත් එක් විද්‍යුත් උපකරණයක් පමණක් නොවන බව ඔබට වැටහෙනු ඇත.මීට ප්‍රධානතම හේතුව වන්නේ පරිගණකයට යම් සිතීමේ හැකියාවක් තිබීමයි.මෙකී හැකියාව පිටුපස සිටින මහා මොළකාරයා වන්නේ පරිගණකයේ මවු පුවරැවේ ස්ථාන ගත වී සිටින ප්‍රොසෙසරය යි. ප්‍රොසෙසරයක් යනු තාර්කික හැකියාවන්,මතක තබා ගැනීමේ හැකියාවන් හා ගණිතමය හැකියාවන් සහිත පරිපථ රාශියක් එකට කැටි කොට සාදන ලද චිපයක් ලෙස සරල‍ව හැදින්විය හැක.

මෙම ප්‍රොසෙසරය, මයික්‍රොප්‍රොසෙසරය හා (Central Processing Unit) මධ්‍ය සැපයුම් ඒකකය යන නම් වලින්ද හදුන්වනු ලැබේ.උපදේශන (Instructions) මෙහෙයයවිය හැකි වේගය අනුව ප්‍රොසෙසර වර්ග කෙරේ. ප්‍රොසෙසර වල වේගය(speed) මෙගාහර්ට්ස්(MHz) වලින් මනිනු ලබන අතර එය ඝටිකා වේගය(clock speed) ලෙසද හදුන්වයි.එම වේගයේ අගයෙන් කියවෙන්නේ පරිගණකයට වැඩසටහන් ධාවනය(run) කිරිමට හැකි වේගයයි.ප්‍රොසෙසරයක ධාරිතාව(capacity)පද විශාලත්වය (word size) යනුවෙන්ද හදුන්වයි .පදයක් යනු එක් වරකදී ප්‍රොසෙසරයෙහි ගබඩා කොට ගෙන මෙහෙවිය හැකි උපරිම බිට්ස් (bits)ගණනයි.

  • ප්‍රධාන මතකය (Main Memory)

බොහෝ විට RAM ලෙස ව්‍යවහාර වන මෙම Memory විශේෂය මව් පුවරුවට (Mother Board) වෙනම සම්බන්ධ කල යුතුය.එහිදී RAM Cards එකක් හෝ කිහිපයක් (Mother Board එකේ RAM Slots ගනන අනුව) සම්බන්ධ කල හැක. පරිගණකයේ ධාවනය වන සියළු මෘදුකාංග ධාවනය වන්නේ මෙම රැම් මතකයේ සිටවේ. එබැවින් පරිගණකයේ ක්‍රියාකාරිත්වය සඳහා මෙය අත්‍යාවශ්‍යම වේ. පරිගණකය ක්‍රියා විරහිත කල විට රැම් මතකයේ ඇති සියළු තොරතුරු මැකී යයි.පසුගිය දශකයක පමණ කාලය තුල විවිධ RAM වර්ග භාවිතාවට ගැනිනි.ඒ අතර SDRAM(Synchronized Dynamic RAM), RDRAM(Ram bus DRAM), DDR RAM(Double Data Rate RAM), වැදගත් වේ. වර්තමානයේ බොහෝ නූතන පරිගණක වල භාවිතා වන්නේ DDR II RAM විශේෂයයි. මේවා 128MB, 256MB ,512MB, 1GB, 2GB ආදී ධාරිතා වලින්ද 333MHz,533MHz,667MHz ආදී දත්ත සම්ප්‍රේශන වේගයන්ගෙන්ද )Bus Speed) විවිධ වෙළඳ නාමයන් යටතේද ලබා ගත හැක.

  • විදුලි සැපයුම්

මෙම Power Supply Unit කොටස පරිගණකයේ සිස්ටම් යුනිට් (System Unit) එක සමග සම්බන්ධව ඇත.මෙමගින් පරිගණකය‍ට අවශ්‍ය විදුලිය ලබා දේ.අනෙකුත් අතින් මෙම කොටස පරිගණකයට අත්‍යාවශ්‍යම කොටසකි.මක් නිසාද යත් විදුලිය නැති නම් පරිගණකයේ ක්‍රියාකාරිත්වයක් නොමැති නිසාය. මෙමගින් ප්‍රධාන විදුලි සැපයුමෙන් හෝ යු.පී.එස්.

)UPS) එකකින් ලබා දෙන විදුලිය AC (Alternating current 110v or 220v) DC (Direct Current) බවට පරිවර්තනය කරයි.

පරිගණක විදුලි සැපයුම් ඒකක මාර්ග ප්‍රධාන වශයෙන් 3 ක් පවතී.

1. AT power supply

2. ATX power supply

3. ATX-2 power supply

මෙම Power Supply Unit එකෙහි එයට සම්බන්ධව ඇති “සම්බන්ධක” (connectors) වර්ග කිහිපයක් ඇත.එම සම්බන්ධක භාවිතා කරනුයේ මවු පුවරැවට දෘඩ තැටියට,වැනි උපකරණ වලට විදුලිය ලබා දීමටයි.

  • ආදාන උපකරණ (Input Devices)

Input devices පරිගණකයට දත්ත ඇතුල් කීරීමට භාවිතා කරයි. පරිගණකයක භාවිතා කරන ප්‍රධාන Input devices වර්ග කිහිපයක් පහත දැක්වේ.

  1. Keyboard
  2. Mouse
  3. Scanner
  4. Microphone
  5. Barcode Reader

  • ප්‍රතිදාන උපකරණ (Output Devices)

Output Devices පරිගණකයෙන් සකසනු ලබන තොරතුරු පරිගණකයෙන් ඉවතට ගැනීමට යොදාගනු ලැබේ. පරිගණකයේ භාවිතා කරන ප්‍රධාන Output Devices වර්ග කීපයක් පහත දැක්වේ.

  1. Monitor
  2. Printer
  3. Speaker
  4. Plotter

  • Storage Devices

පරිගණකයෙන් සකසනු ලබන තොරතුරු තාවකලිකව ප්‍රධාන මතකයේ ගබඩා කරනු ලබේ. නමුත් විදුලිය විසන්දි වීමකදී එම තොරතුරු මැකී යන බැවින් එම තොරතුරු ස්ථිරව ගබඩා කිරීමට Storage Devices භාවිතා කරනු ලැබේ. භාවිතා කරන තාක්ෂණය අනුව කොටස් 2කට බෙදනු ලබේ.

  1. Magnetic Storage Devices
  2. Optical Storage Devices
  • Magnetic Storage Devices

චුම්බක වත්කම් සහිත ලෝහ තැටි කීපයක් මත එහි මතුපිට චුම්බකත්වය වෙනස් කිරීම මගින් දත්ත ගබඩා කීරිම කරනු ලැබේ. මේවාට උදාහරණ ලෙස පරිගණකයේ දෘඩ තැටිය(Hard Disk), පැරණි Floppy Disk හා Zip Disk වැනි උපකරණ ගත හැක.



  • Optical Storage Devices


දත්ත ලිවීම සඳහා විශේෂිත Laser කිරණයක් යොදාගෙන විශේෂයෙන් සකසන ලද Plastic තැටියක් මත පිළිස්සුම් (Burn) කිරිම මගින් දත්ත ගබඩා කරනු ලැබේ. භාවිතා කරන Laser කිරණයේ ශක්තිය හා නභිගත කිරිමේ වෙනස්කම් මත CD, DVD BluRay Disk ලෙස වර්ග කීපයකට බෙදනු ලැබේ.

History of Computer

සියවස් ගනනාවකට ඉහතදී පමණ සිට මිනිසුන් ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යනය කළේය.එම නිසා පරිගණක ඉතිහාසය පහත දැක්වෙන පරිදි මාතෘකා 3 ක් යටතේ කතා කල හැක.

  1. Early computational devices
  2. Early computers
  3. Generation of computers

Early computational devices

මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යතාවයන් පැන නැගින.ක්‍රි.පූ.3000 කාලයේදී චීන වෙළඳුන් විසින් Abacus නැතිනම් ගනකරාමු මේ සඳහා යොදා ගැනින. මුල්කාලීන යන්ත්‍ර බොහොමයක් යාන්ත්‍රික වූ අතර ඒවා මිනිස් මැදිහත්කමින් ක්‍රියාත්මක කරන ලදී.

1642 දී තවත් මෙවැනිම උපකරණයක් වන Pascaline සාදන ලදී. මෙය ලොව ප්‍රථම ඝණක යන්ත්‍රය වේ. මීලග ඉතා වැදගත්ම සොයා ගැනීම වන්නේ Charles Babbage විසින් සොයා ගන්නා ලද Difference Engine සහ Analytical Engine ය.

Difference Engine

මෙම උපකරණ Electronic නොවූ අතර ඒවා ක්‍රියා කලේ steam engine මගිනි. Charles Babbage පරිගණකයේ මූලික කොටස් ඔහුගේ නිර්මානය හරහා එලි දැක්වූ අතර එබැවින් ඔහු “පරිගණකයේ පියා” ලෙස හදුන්වයි.


Early computers

1880 දී අමෙරිකානු සමීක්ශණ ගණනය කිරීම් වඩා වේගවත්ව කිරීම සඳහා Herman Hollerith විසින් “Tabulating Machine” නමින් වඩා වේගවත් ගණන යන්ත්‍රයක් නිපදවන ලදී.

Howard Icon – Automatic Sequence Controlled Calculator (Howard Mark I)

Mark I පරිගණකය, පරිගණක ක්‍රියාකරුවෙකු නොමැතිව විශාල ගණනය කිරීම් ස්වයංක්‍රීයව සිදුකල හැකි පළමු පරිගණකය විය. මෙම පරිගණකය ප්‍රමාණයෙන් ඉතා විශාල වූ අතර ඉතා සංකිරණ නිපැයුමක් විය. (කොටස් 800,000 කින් හා සැතපුම් 500 ක දිගින් යුතු මුලු රැහන් ප්‍රමාණයකින් සමන්විත විය.)


First Generation (පළමු පරම්පරාව) (1951-1958)

ENIAC

පරිගණක ඉතිහාසයේ පළමු පරමපරාවෙදී පරිගණක circuits සඳහා රික්ත කපාට (Vacuum tubes) memory සඳහා magnetic drums ද යොදා ගනිමින් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ විය.ඒවා ප්‍රමාණය අතින් ඉතා විශාල වූ අතර මිලෙන්ද අධික විය.තවද එම පරිගණක වල දෝෂ සහගත තත්වයන්ද අධික විය.

පළමු පරම්පරාවෙහි පරිගණක වරකදී එක් කාර්යක් පමණක් සිදු කල අතර ඒ සඳහා ඔවුන් machine language (ද්වීමය සංඛ්‍යා) නමැති ක්‍රමවේදය භාවිතා කරන ලදී.

පළමු විද්‍යුත් පරිගණකය - 1946 දී J.Presper Eckert හා John Mauchly, “ENIAC” (Electronic Numerical Integrator & Calculator) නම් වු පළමු විද්‍යුත් පරිගණකය රික්තක කපාට උපයොගී කරගෙන නිපදවන ලදි.


John Von Neumann විසින්, අභ‍යන්තර ගණනය කිරීම් සඳහා ද්වීමය සංඛයා පද්ධතියක් පිළිබඳව යෝජනා කරන ලදී.

Stored program සංකල්පය

1948 න් පසුව නිපදවන ලද සියලුම පරිගණක මෙම සංකල්පය 2 භාවිතා කරන ලදී.


Second Generation ( දෙවන පරම්පරාව ) (1953-1963)

1948 දී William Shockley, John Bardeen හා Walter Brattain විසින් ට්‍රන්සිස්ටරය නිපදවන ලදී.

මෙම කාලයේදී vacuum tubes වෙනුවට transistors යොදා පරිගණක නිර්මාණය ආරම්භ කෙරුණු අතර මෙය radio , TV වලටද යොදා ගැනුනි.මේවා ප්‍රමාණයෙන් කුඩා, වේගවත්, කාර්යක්ෂම electronic පරිගණක විය.

IBM සමාගම ලොව ප්‍රමුඛතම පරිගණක නිශ්පාදන සමාගම වු අතර IBM 1401 පරිගණකය දෙවන පරම්පරවේ මුල්ම පරිගණකයක් ලෙස දැක්විය හැක.

පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.

Third Generation (තෙවන පරම්පරාව )(1964-1979)


1960 දශකයේ මැද භාගයේ ආරම්භ වූ මෙම පරම්පරාවේ පරිගණක ඉතා කුඩා ඒවා සහ වේගවත් ඒවා විය.මෙම පරිගණක වල integrated circuits භාවිතා කිරීම සුවිශේෂී ලක්ෂණයක් විය.මෙතෙක් භාවිත කල punched card හා print-out වෙනුවට key-board, monitors වැනි පහසු ආදාන හා ප්‍රතිදාන උපාංග බිහි විය.


මෙහිදී පරිගණකය තත්පරයකට සිදු කරන ගණනය කිරීම් බිලියන ගණනින් වැඩිය.එම නිසා මෙම පරමපරාවේ බොහෝ පරිගණක විද්‍යාත්මක සහ ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට යොදාගන්නා ලදී. පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට සහ භාවිතය පහසු වීමට operating systems හඳුන්වා දෙන ලදී.

IBM –System 360, පරිගණකය තෙවන පරම්පරවේ පරිගණයකට උදාහරණයක් ලෙස නම්කල හැක.

නැවතත් නැවතත් පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.


Fourth Generation (සිවුවන පරම්පරාව ) (1979- වර්තමානය)


සිවුවන පරම්පරාවේ පරිගණක වල විශේෂිත වෙනස් වීමක් සිදු නොවූ අතර පරිගණක ප්‍රමාණයෙන් කුඩා වීම සහ වීගවත් වීම සිදු විය. එයට හේතුව වුයේ කුඩා පරිපත විශාල ප්‍රමාණයක් එකතු කර ඉතා කුඩා ඉඩක ස්ථාපිත කිරීමයි. එලෙස ස්ථාපිත කිරීමෙන් සෑදෙන ව්‍යුහය silicon chips (Microprocessor / chip)ලෙස හඳුන්වයි.

එය කුඩා නමුත් ඉතා විශාල පරිගණන හැකියාවකින් යුක්ත පරිගණකයක් විය.

1978 දී, පුද්ගලික පරිගණක හඳුන්වාදෙන ලදී.

මෙම පරම්පරාවේ පළමු පරිගණක mini computers ලෙස හඳුන්වන අතර පසුව ඒවා තවත් කුඩා බවට පත්විය.

Fifth Generation (පස්වන පරම්පරාව ) (අනාගතය )


මෙම පරම්පරාවේ පරිගණක විවිධ වූ ගවේෂණවල එකතුවක් ලෙස විග්‍රහ කල හැකිය.

  • Artificial Intelligence
  • Knowledge -based expert systems
  • Very high -level programming languages
  • Decentralized computing
  • Very large -scale integration technology (VLSI)
  • Machines are capable of reasoning and decision making the way human beings does.
  • Direct human computer interactions
  • Natural language will be understood by computers.
  • Ability to store knowledge

සරලව පැවසුවහොත්, මෙම පරිගණක බුද්ධිමත් පරිගණක වේ.

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Dcreators