Subscribe Us

header ads

Python Programming - Part 2

මෙම පාඩමෙන් අපි බලමු මොනාද variables සහ operators කියන්නේ කියල.

Variable එකක් කියල කියන්නේ හරියට හිස් ඉඩක් වගේ දෙයක්.අපිට අවශ්‍ය අවස්ථා වලදී අපිට පුළුවන් මේ variables වලට අපට ඕනේ අගයක් පවරලා(assign කරල)පස්සේ වෙලාවක ප්‍රයෝජනයට අරගන්න.අපි ඒක උදාහරණ භාවිතයෙන් තේරුම් ගැනීමට උත්සාහ ගනිමු.
python ක්‍රමලේඛන භාෂාවේ variables වෙන් වෙන් වශයෙන් තෝරා බේරා ගන්නේ එම variable එක සදහා පවරා ඇති අගය අනුවයි.

උදාහරණ වශයෙන්:

මෙහි number යනු variable එකකි.එයට 10 යන අගය පවරා ඇති බැවින්,එම variable එක integer variable එකක් විදිහට python හදුනගන්නවා.(පූර්ණ සංඛ්‍යා ගබඩා කර තබා ගැනීමට යොදා ගනී.)



මෙහි dashama යනු variable එකකි.එයට 125.15 යන අගය පවරා ඇති බැවින්,එම variable එක float variable එකක් විදිහට python හදුනගන්නවා.(දශම සංඛ්‍යා ගබඩා කර තබා ගැනීමට යොදා ගනී.)
Code

මෙහි wachana හා wachana2  යනු variable දෙකකි.wachana යන variable එක සදහා අගය පැවරීමෙදී (' ') උඩු කමා භාවිතා කර ඇති අතර wachana2 යන variable එක සදහා අගය පැවරීමේදි  (" ") උඩු කමා භාවිතා කර ඇත.මෙහි වෙනස්කම වන්නේ,
මදකට මෙසේ සිතන්න,wachana2 හි ඇති වගන්තිය තනි උඩු කමා(' ') භාවිතා කර සැකසුවොත් පහත ආකාරයට එය වැරැද්දක් ලෙස python IDLE එකෙහි සටහන් වේ.
     
මෙයට හේතුව ඉතා පැහැදිලිව දැකගත හැක.තනි උඩු කමා (' ') භාවිතා කර string අගයක් පැවරීමෙදී එය තුල නැවතත් තනි උඩු කමා පැවතිය නොහැක.එසේ පැවතියහොත් අප ආරම්භ කරන උඩු කමාව එතනින් අවසන් වේ.එම නිසා string අගයන් පැවරීමෙදී හැකිතාක් " " භාවිතා කිරීමට උත්සහ ගන්න.

ඉහත සදහන් variables වර්ග 3 ඉතා බහුලව භාවිතා වන variable වර්ග ලෙස අපිට හදුනාගත හැක.දැන් මේ variables භාවිතා කර අපට  සිදුකර හැකි විවිධ ක්‍රියාධාමයන්(Operations)දෙස අවධානය යොමු කරමු.
ක්‍රියාධාමයන්(Operations) සිදුකර ගැනීමට අපි operators භාවිතා කරයි.operators යනු මොනවාද යන ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
 10+20 යන්නෙහි පිළිතුර 30වේ.මෙහි + යන්න operator එකක් ලෙස හදුන්වයි.

මෙම operators වර්ග කීපයකට බෙදා දැක්විය හැකිය.මෙයින් අප බහුලවම භාවිතා කරන operators වර්ග පිලිබදව අපි  කතා කරමු.
  • Arithmetic Operators.(+ , - , * , / , % , ** , // )
                  + = සංඛ්‍යා එකතු කිරීම සදහා මෙය භාවිතා කරයි.

මෙහිදී සිදුවන්නේ a නමැති variable එකට 15 යන අගය පවරා b variable එක සදහා 4 යන අගය පවරීමෙන් පසු එම variable දෙක + operator එක භාවිතයෙන් එකතු කරගැනීමයි.





Post a Comment

0 Comments