Subscribe Us

header ads

Microsoft Office Access 2010

Microsoft Access 2010

Access යනු සංඛ්‍යා,අකුරු,පින්තූර ඇතුලුව ප්‍රවේශමෙන් ව්‍යුහගත කරන ලද තොරතුරු එකතු කල හැකි කදිම මෙවලමකි.සම්පූර්ණ Database එකක් පවත්වාගෙන යාම,අවශ්‍ය තොරතුරු පහසුවෙන් පිරික්සා සොයා ගැනීම,පහසුවෙන් හා ඉක්මනින් දත්ත ඇතුලත් කල හැකි ආකර්ශනීය Forum සකස් කර ගන්නා අන්දම මෙමගින් අවබෝධ කර ගත හැකි වේ. 


Access වලින් කල හැකි දෑ

  • Database නිර්මාණය කරගත හැකි වීම.
  • Queries නිර්මාණය කිරීම.
  • ආකර්ශණීය ලෙස මුද්‍රිත පිටපත් ලබා ගත හැකි ලෙස report සකස් කල හැකි වීම.
  • Database එකට අලුතින් දත්ත එකතු කිරීම,පවතින දත්ත වෙනස් කිරීම,අවශ්‍ය තොරතුරු සොයා බැලීම කල හැකිය.
Microsft Access ආරම්භ කිරීම.



Start ——> All Programs ——> Microsoft Office ——> Microsoft Office Access 2010



Access Ribbon

මෙය එකිනෙකට වෙනස් කාර්යයන් සඳහා පවතින Home,Create,External Data,Database Tools,Fields සහTable යනුවෙන් හැදින්වෙන Tabs වලින් සමන්විත වේ.


Home

බහුලව භාවිතයට ගන්නා Commands ගණනාවක් ඇත්තේ මෙහිය.Copy,Cut,Spelling ආදී Commands ද, Sorting,Searching,Filtering ආදී Commands ද මෙමගින් සිදු කල හැක.

Create







තමන් කැමති ආකාරයකට Databases,Queries හා Forms නිර්මාණය කරගැනීමට අදාල Tools මෙහි පවතී.

External Data

Access වලට Data Import කිරීම හා Access වල පවතින Data වෙනත් ආකාරයකට Export කිරීමට භාවිතා කලහැකි Tools මෙය සතුය.

Database Tools
Database එකක Tables අතර Relationships සකස් කිරීම ඇතුලු තරමක් සංකීර්ණ වෙනස් කිරීම් සඳහා     අවශ්‍ය Tools මෙහි අඩංගු වෙයි.Office Menu


















මෙයට පිවිසීම සඳහා Access Window එකෙහි ඉහල වම් කෙලවරේ ඇති විශාල Office Login Button එක භාවිතා කල හැක.



Office Button එක භාවිතා කර කල හැකි කාර්යයන්

  • Database එකක් Open කිරීම,Create කිරීම හා Save කිරීම.
  • Database එකෙහි Printout ලබාගැනීම හා එය වෙනත් තැනකට E mail කිරීම.
  • Access Options භාවිතයෙන් Access වල නොයෙකුත් වෙනස් කම් සිදු කිරීම.


Post a Comment

0 Comments