- What is a computer network
අපට එදිනෙදා ජීවීතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවීතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බලන්න. ජංගම දුරකතනයකින් ඇමතුමක් ලබා ගැනීම , රූපවාහිනී නැරඹීම , ගුවන් විදුලියට සවන් දීම මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කර්තව්‍යයන් බවට පත් වී ඇත. මේ සෑම ක්‍රියාකාරකමකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගෙන ඇති බව ඔබට වැටහුනාද ? එසේනම් ජාලයක් යනු කුමක්ද ? මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යනු කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගනක කිහිපයක එකතුවක් සේ සැලකිය හැක. මෙසේ පරිගණක ජාල ගත කිරීමෙන් විවිධාකාර වූ වාසි රැසක් අත් වේ.- පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කල හැකි වීම.
- ප්‍රින්ටර වැනි මිල අධික පරිගණක උපාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
- මිල අධික පරිගණක මෘදුකාංග ජාලයක් තුලදී හුවමාරු කරගත හැකි වීම.
- Network Types
- PAN - Personal Area Networks
- LAN - Local Area Networks
- MAN - Metropolitan Area Networks
- WAN - Wide Area Networks
- VPN - Virtual Private Networks
- PAN
PAN එකක් යනු තනි පුද්ගලයෙක් සතු පරිගණකයක් හා වෙනත් උපකරණ සමග තොරතුරු හුවමාරුව සඳහා උපයෝගී කරගන්න ජාලයකි. පරිගණයක ඇති පmp3 ගොනුවක් Bluetooth තාක්ෂණය භාවිතයෙන් ජංගම දුරකතනයකට හෝ mp3 player එකකට ලබා ගැනීම මේ සඳහා උදාහරණයකි. PAN එකක් සඳහා රැහන් සහිත හා රැහැන් රහිත උපාංග දෙවර්ගයම භාවිතා කරනු ලැබේ.- LAN
LAN එකක් යනු සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. එනම් පාසල් , පරිගණක විද්‍යාගාර වල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ වේ. මේවා තනි පුද්ගලයෙකුගේ (Network Administrator) පාලනය යටතේ ඇති පරිගණක ජාල වේ.- WAN
- MAN
- Network Types
- Bus Topology
- Star Topology
- Tree Topology
- Ring Topology
- Bus Topology
සියළුම Node වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යකට පරිගණක ජාලයේ Nodes එකතු කිරීමෙන් ලැඛෙන ජාල රටාවට topology එක යැයි කියනු ලැබේ. Node එකක් එකතු කිරීම හා ජාලයෙන් ඉවත් කිරීම පහසු වීම මෙම ක්රමයේ දක්නට ලැඛෙන ප්‍රධාන වාසියකි. සියළුම Nodes වලට පොදුවේ ඇති සම්ප්‍රේෂණ මාධ්‍යය ක්‍රියාවිරහිත වූ විට මුළු පරිගනක ජාලයම අඩපණ වීම මෙහි ඇති අවාසියකි.- Star Topology
Star topology ක්‍රමයේදී සිදු කරන්නේ පරිගණක ජාලයේ ඇති සියළුම Nodesමධ්‍යගතව ඇති එක් Node එකකට සම්බන්ධ කිරීමයි. මේ ක්‍රමයේදීද පරිගණක ජාලයට Node එකතු කිරීම හා ඉවත් කිරීම පහසු වන අතර පරිගණක ජාලය ගොඩ නැගීම පහසු වේ. මධ්‍යගතව ඇති Node එකෙහි අඩපන වීම් නිසා මුළු පරිගණක ජාලයම අඩපණ වීම මෙහි දක්නට ලැඛෙන දුර්වල කමකි.- Tree Topology
ඉහතදී අප සාකච්ඡා කල Bus හා Tree යන Topology දෙකෙහි එකතුවක් ලෙස Tree topology එක සැලකිය හැක.Star topology ක්‍රමයට සම්බන්ධ කර ඇති පරිගණක ජාලයන් කිහිපයක් Bus topology ක්‍රමයට සම්බන්ධ කිරීමක් මෙහිදී සිදුවේ. පරිගණක ජාලයක් අවශ්‍ය පරිදි විකාශනය කිරීමට හැකිවීම මෙම ක්රමයේ ඇති ප්‍රධාන වාසියක් වේ.- Ring Topology
සෑම Node එකක්ම එයට වම්පසින් හා දකුණුපසින් ඇති යාබද Nodes සමග සම්බන්න්ධ කිරීමෙන් තනා ගන්න පරිගණක ජාල Ring topology එකට අයත් වේ. පරිගණක ජාලයේ යාබදව නොපවතින node දෙකක් අතර තොරතුරු හුවමාරු කර ගැනීමේදී ඒවා ජාලයේ වෙනත් Nodes හරහා ගමන් කිරිම මෙහි දක්නට ලැඛෙන ප්‍රධාන අවාසි වේ.

22 Comments
maru bn hoda lipiyak digattama liyahahn man networking gana ahana ewnta ube link eka thama denne ...
ReplyDeleteගොඩක් ස්තූතියි ඔයාගෙ කමෙන්ට් එක අපිට ගොඩක් වටිනවා.
ReplyDeleteනියම වැඩක් මචං උබ අයිට් කරන අපිට මාර උදව්වක් කරන්ෙේ මචං පයිතන් සහ අනික් පාඩම් ටිකත් දාපන් $$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
ReplyDeleteme tika PDF thibuna nm thawath maru mchn
ReplyDeletethanX
ReplyDeleteTHANX
ReplyDeleteITHIRI PADAM TIKATH DANNA PULUWAN NAM LOKU UDAUWAK
:)
note liyanna kammeli api wage kollonta mewa godak watinawa
ReplyDeletethanX
go on!
ReplyDeleteNiyamai. saho.....Mamath danna dewal oyalata ewannam ewath danna oyage site eke....
ReplyDeletenetwork gana sinhalen thiyena nort godak hodai.word ganath sinhala nort thibunanam hodai
ReplyDeleteIP Addresing & Sub Netting ගැන Note ටිකක් දාන්න පුළුන්ද?.........
ReplyDeleteela... machan..great work....mama network gena sinhalen hoya hoya hitiye...ohoma yan jaya...;)
ReplyDeleteoperating systems wala paging ganan hadana hati examples ekka danna puluwanda
ReplyDeletesupiri
ReplyDeleteMaru, network wala ip address class kotasa gana nadda.
ReplyDeleteVijahata dannea
ReplyDeleteNice Blog Post !
ReplyDeleteidsl kiyane mokakda
ReplyDeleteADSL or IDSN ??
DeleteThis comment has been removed by the author.
ReplyDeletethanzzz
ReplyDeleteMata IP AdAddres Wala Ithihasaya Gena Poddak Dena Ganna Oni
ReplyDeleteඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.