Subscribe Us

header ads

Microsoft Office-Word 2007

Microsoft Word 2007

Microsoft Word යනු  MS Office කට්ටලයට අදාල Application Software එකකි. මෙහි ඇති functions භාවිතයෙන් ලිපි සැකසීම සිදු කරයි.

Microsoft Word ආරම්භ කිරීම.


Start  >>>>  All Programs >>>> Microsoft Office >>>> Microsoft Office Word 2007




Status Bar –  ලිපියෙහි අඩංගු පිටු හා වචන ගනන දක්වයි.
View Tools – ලිපිය විවිධ ලෙස නිරූපණය කිරීමට යොදා ගැනේ .Status Bar මත පිහිටයි
Mini Toolbar -  ලිපියෙහි අඩංගු අකුරු select කළ විට දිස්වේ.



Creating a new blank Document

Office button එක මත click කරන්න .
Click New >> Blank Document >> Create.

කිසියම් template එකකට අදාලව නව ලිපියක්
නිර්මාණය කරයි නම් එය  මෙම ලැයිස්තුවෙන්
තෝරාගත හැක











Saving a Document


Office button එක මත click කරන්න .
Select Save.
එසේ නැති නම්  Quick Access Toolbar මත ඇති රූපයේ පෙන්වා ඇති icon එක මත click කරන්න.
ලිපිය ගබඩාකරන ස්තානය හා ලිපියට නමක් ලබා දී  save කරන්න.



Print a Document



ලිපියක් print කිරීමට පෙර මුද්‍රණය වන කොටස නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසු වේ . ඒ සඳහා ,


Office Button මත  click කර >>>Print >>> Print Preview

පරීක්ෂා කිරීමෙන් අනතුරුව  රූපයේ අයුරින් වූ icon එක මත  click කිරීමෙන් ඉන් ඉවත් විය හැකිය.
Print කිරීම - Office Button මත  click කර >>> Print >>> Print .
එවිට පහත දක්වෙන window එක දිස්වේ .

Text එකක් select කර ගැනීමේ ක්‍රමවේදයන්

තෝරාගැනීම
ක්‍රමවේදය
වචනයක්
අදාල වචනය මත දෙවතාවක් ක්ලික් කරන්න
ඡේදයක්
ඡේදය මත තුන්වතාවක් ක්ලික් කරන්න
වචන හෝ පේලි කිහිපයක්
අදාල ප්‍රදේශය මත mouse එක click කර ඇඳගෙන යාමෙන් හෝ Shift button එක click කරගෙන  arrow keys  භාවිතයෙන්.
සම්පූර්ණ ලිපිය
CTRL + A හෝ  Home tab>> Editing group >> Select >> Select All


cursor එක චලනය කිරීමේ ක්‍රමවේදයන්

මීළඟ වචනයේ මුලට
CTRL + RIGHT Arrow
පෙර වචනයේ මුලට
CTRL + LEFT Arrow 
ඡේදයේ මුලට
CTRL + UP Arrow
මීළඟ ඡේදයේ මුලට
CTRL + DOWN Arrow
පේලියේ මුලට
HOME
පේලියේ අවසානයට
END
ලිපියේ ආරම්භයට
CTRL + HOME
ලිපියේ අවසානයට
CTRL + END


කෙටි ක්‍රම

File එකක් open කිරීම
CTRL + O
අලුත් file එකක් ගැනීම
CTRL + N
File එක close කිරීම
CTRL + W
Save As
F12
Save
CTRL + S
Print Preview යෙදීම
CTRL + F2
අක්ෂර හා වියාකරන පරීක්ෂා කිරීම
F7
Help
F1
සෙවීම
CTRL + F
Cut
CTRL + X
Copy
CTRL + C
Paste
CTRL + V
Undo
CTRL + Z
Redo
CTRL + Y


Home Tab
Home tab එක click කිරීමෙන් පහත දැක්වෙන tools ලබා ගත හැකිය . අපගේ පහසුව තකා 
සියලුම tools කණ්ඩායම්වලට බෙදා ඇත.


Text එක නිරූපණය වන අයුරු වෙනස් කිරීමට  Font group එක යොදා ගනී.


ඡේද භාවිතයේදී ඒවා නිසි ලෙස සැකසීමට  Paragraph group එක භාවිතාකරයි .
ඡේද අතර පරතරය සැකසීමට හා ඡේද පිහිටීම් වෙනස් කිරීමට Tab, Space  හෝ enter key භාවිතා නොකරන්න. ඒ සඳහා මෙහි ඇති Indent, Align, Line Spacing වනි tools  භාවිතාකරන්න . 

Insert Tab
අලුත් පිටුවක් ලබා ගැනීමට , වගු, ප්‍රස්තාර ,පින්තූර ,හැඩතල ආදිය ලිපියට ඇතුලත් කර ගැනීමට මෙහි ඇති tools භාවිත කරයි.


වගුවක් පිලියෙල කිරීමේ ක්‍රම -
  1.  Click Table >> සපයා ඇති කොටු සැලැස්ම මත mouse එක ඇද, අවශ්‍ය පරිදි  වගුව සැකසුන පසු click කරන්න .
  2.  Click Table >> Insert Table >> අවශ්‍ය තීරු ගනන සටහන් කර >> click OK.
  3.  Click Table >> Draw Table >> දිස් වන  පැන්සල භාවිතයෙන් වගුව ඇදගන්න.
  4. Click Table >> Quick Table මෙමගින් වගුවක ආකෘතියක් ලබාගත හැක .එහි අඩංගු දත්ත වෙනස් කර භාවිතයට ගත හැක .

මෙලෙස වගුවක්  පිලියෙල කර ගත් විට පෙර තිබූ tabs  වලට අමතරව තවත් tabs දෙකක් දැක ගත හැකි වේ . මේවා contextual tabs වේ . table එක හා අදාළ සියලු වෙනස් කිරීම් සඳහා එම tabs භාවිතා කරන්න. වෙනස් කිරීම් සිදු කිරීමට නියමිත ප්‍රදේශය select කර සපයා ඇති tools භාවිතාකරන්න .
  •  Design contextual  Tab – වගුවේ පසුබිම් වර්න සැකසීමටත්, විවිධ රටා හා මෝස්තර යෙදීමටත් යොදා ගනීයි


  •   Layout contextual Tab – වගුවේ ඕනෑම තැනකට අලුතින් තීරු එක් කිරීම , පවතින  තීරු මකා දැමීම, තීරු වල ප්‍රමාණය සැකසීම, තීරු කිහිපයක් ඒකාබද්ධ කිරීම ආදි සඳහා යොදා ගනී.



පින්තූරයක් insert කිරීම

Insert >>> Picture >>> පින්තූරයක් තෝරා >>> click insert

Picture එකක් හෝ clip art එකක් insert කර ගැනීමෙන් පසු එය ලිපිය මත නිවැරදිව පිහිටුවීමට පින්තූරය මත right click කර  >>> Text wrapping >>>  අදාළ තේරීම සිදු කරන්න.  

උදාහරණයක් ලෙස අකුරු වලට පිටුපසින් රූපය පිහිටිය යුතු නම් Behind Text click කරන්න .
ඉන් පසුව රූපය මත click කරගෙන අවශ්‍ය ස්ථානයට ඇඳගෙන යන්න.


 
Shape එකක් තුලට text එකක් ඇතුලත් කිරීම   

Insert >>> Shapes >>> අදාල හැඩය තෝරා >>> text area එක මත අඳින්න.

Insert >>> Text Box >>> Draw Text Box >>> හැඩතලය තුල text box එක ඇඳ type කරන්න .

Text box එක select කර  >>> format contextual  Tab එකේ >>> Shape Outline >>> No Outline
select කරන්න .


පිටු අoක යෙදීම

Insert Tab >>> Header & Footer group එකේ >>>  Page Number >>>   අoකය පිහිටිය යුතු ස්ථානය තෝරා click කරන්න .


නිර්මාණාත්මක අකුරු යෙදීම
Insert Tab >>>  Text group එකේ >>> WordArt >>>  style එක තෝරා  ඒ මත click කරන්න >>> open වන text area එකෙ අදාල වාක්‍ය ලියා >>> OK click  කරන්න . 



Page Layout Tab

පිටුවක  මූලික සැලැස්ම සෑදීමට අවශ්‍ය tools  මෙහි ඇතුළත් වේ. .

  • පිටුවක් තුල ලිවිය හැකි සීමාව සැකසීමට Margins භාවිතා කරයි. ඒ සඳහා page   Layout >>> Margins යටතේ සපයා ඇති options වලට අමතරව custom marginsභාවිතා කර සීමාවන් සැකසීමට හැකිය.
  •  ලිපියක් නිර්මාණයට පෙර පිටු භාවිතා කරන ආනතිය සිරස්ද තිරස්ද යන්නත්, පිටුවේ ප්‍රමානයත්  සකසා ගැනීම අනිවාර්ය වේ ,ඒ සඳහා,
page Layout >> Orientation >> select Portrait /  Landscape
page Layout >> Size >> ප්‍රමානය තෝරා ගන්න


  •       පිටුවක්  කොටස් දෙකකට හෝ වැඩි ගනනකට බෙදා දැක්වීමට Columns භාවිතා කරයි. පිටුවේ කොටසක් පමනක්  මෙලෙස බෙදීමට අවශ්‍ය නම්  අදාල කොටස select කර  page Layout >> Columns

  •        page Layout >> Water Mark >> Custom WaterMark භාවිතයන්  පින්තූරයක් හෝ වැකියක් watermark එකක් ලෙස යෙදිය හැක.

  •        page Layout >> Page Color භාවිතයන් document එකේ සියලුම පිටු වලට වර්ණයක් ලබා දිය හැක.

  •            page Layout >> Page Borders භාවිතයන් document එකට border එකක්  දමා ගත හැක.


Mail Merge

කිසියම් ලිපියක් කිහිප දෙනෙකුට යැවීම සඳහා සූදානම් කර ගනීම මෙහිදී සිදු කරයි. මෙමගින්  එක් එක් පුද්ගලයා හා අදාළ තොරතුරු වෙන වෙනම ලිපි වල සඳහන් කර ගත හැකිය.
උදාහරණයක් ලෙස දුරකතන බිල්පතක් එක් එක් සේවා දායකයාට අදාළ  තොරතුරු සහිතව නිකුත් කෙරේ .


Mailings >> Start Mail Merge >> Step by step mail merge wizard >> එවිට දකුණු පසින් කුඩා window එකක්  open වේ .සාදන ලිපි වර්ගය එහි  සඳහන් කර  >> click Next >> use the current Document  select කර >> click Next >> Type a new list  select කර >> click Create 
එවිට පහත දැක්වෙන window එක open වේ .



මෙය අප විසින් සාදා ගන්නා දත්ත ගබඩාවක් වැනිය .සපයන දත්ත වලට අදාලව column heading සකසා ගත යුතුය .ඒ සඳහා Customize Columns click කරන්න.
එවිට පහත දැක්වෙන window එක open වේ .


දැනට වගුවේ අඩංගු columns සියල්ල මෙහි දක්වේ.
  ·    Add button එක යොදා ගනිමින් column එකක්  අලුතින් එකතු කර ගැනීමටත්,
  ·     Delete button එක යොදා ගනිමින් column එකක් ඉවත් කර ගැනීමටත්,
  ·     Rename  button එක යොදා ගනිමින් column එකකට යොදා ඇති නම වෙනස් කර ගැනීමටත්,
  ·     Move Up,Down button යොදා ගනිමින් columns අනුපිළිවෙළ වෙනස් කර ගැනීමටත්,හැකිය.
අවශ්‍ය පරිදි සකසා ගත් පසු OK click කරන්න.
 ඉන් පසුව පලමු පුද්ගලයා හා අදාළ තොරතුරු සපයා ඇති තීරුවේ ඇතුලත් කරන්න .මීළඟ පුද්ගලයා සඳහා නව තීරුවක් ලබා ගැනීමට New Entry click කරන්න . සියලු දත්ත සපයා අවසානයේ  Ok click කර දත්ත ගබඩාව Save කරන්න .
Click Next
මෙම අදියරේදී  ලිපිය නිර්මාණය සිදු කරයි. ලිපියේ අවශ්‍ය ස්ථාන වලට අප විසින් පෙර
සැකසූ fields එක් කිරීමට  Mailing Tab >> write & insert field >>insert merge field >>
අදාළ field එක මත click කරන්න .
Eg:- 
  
  • Mailings >>> Edit recipient list මගින් ඕනෑම අවස්ථාවක දත්ත ගබඩාව view කිරීමටත් edit කිරීමටත් හැකිය.

ලිපිය ලියා අවසානයේ Next click කරන්න .එහිදී සියලු ලිපි එකින් එක  බැලිය හැක. ඉන්පසු නැවතත්   Next click කර  ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.
                     

Posted by: Banu Nissanka

Post a Comment

13 Comments

ඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.