Subscribe Us

header ads

Microsoft Office-Excel 2007

Microsoft Excel 2007

Microsoft Excel යනු වගු ලේඛණ සකස් කිරීමට භාවිතා කරන Application  Software 1කි.මෙය MS Office කට්ටලයේ සාමාජිකයෙකි.මෙහි ඇති functions භාවිතා කර ගණිතමය සුලු කිරිම් කිරීම හා ප්‍රස්ථාර සාදා ගත හැකිය.

Microsoft Excel ආරම්භ කිරීම.

Start 
——> All Programs ——> Microsoft Office ——> Microsoft Office Excel 2007








































පහත ක්‍රම භාවිතා කරමින් Cell Pointer එක Worksheet එකෙහි එහා මෙහා ගෙන යා හැකිය.
  • Arrow keys - ඉහලට,පහලට,වමට හෝ දකුනට ගමන් කිරීමට
  • Ctrl + Right Arrow – දත්ත ඇති අවසාන Column වෙත
  • Ctrl + Left Arrow – දත්ත ඇති පලමු Column වෙත
  • Ctrl + Down Arrow – row දත්ත ඇති අවසාන row වෙත
  • Ctrl + up Arrow - row දත්ත ඇති පලමු row වෙත
  • Ctrl + Home - A1 cell වෙත
  • Ctrl + End - Sheet එකෙහි දත්ත ඇති අවසාන cell වෙත
  • Page Down - තිරයේ ප්‍රමාණය වරක් පහලට
  • Page Up - තිරයේ ප්‍රමාණය වරක් ඉහලට
  • Alt + Page Down - තිරයේ ප්‍රමාණය වරක් දකුනට 
  • Alt + Page up - තිරයේ ප්‍රමාණය වරක් වමට
  • Ctrl + Page Down - Workbook  එකෙහි සිටින sheet එකට පසුව ඇති sheet වෙත
  • Ctrl + Page Up – Workbook එකෙහි සිටින sheet එකට පෙර ඇති sheet වෙත
  • F5 - Cell address ලබා දෙමින් අවශ්‍ය ඕනෑම cell 1ක් වෙත යාමට

Data Entering and Editing


මෙහිදි ඇතුල් කරන දත්ත  Cells තුල ස්ථානගත වීමක් සිදුවන බැවින් යමක් type කිරීමට පෙර අවශ්‍ය Cell එකෙහි cell pointer තබා අවශ්‍ය දෙය type කල පසු enter කරන්න.
Cell 1ක් තුල ඇති යම් දත්තයක් වෙනස් කිරීමට ,අදාල cell එකෙහි cell pointer ගෙන යන්න.පසුව,

1.Formula bar මත click කිරීමෙන්
2.F2 Key භාවිතයෙන්
3.අදාල cell එක මත double click කිරීමෙන්

අවශ්‍ය දෙයක් වෙනස් කල පසු නැවත enter කරන්න.


Data Deleting

Cell එකක හෝ cell range 1ක් තුල අති දත්ත මැකීමට,අදල Cell හෝ cell range ‍තෝරා Delete Key Press කරන්න.

Edit——>Clear——>Formats - cell හෝ cell range 1ක් සතු Formattings පමනක් මක දැමිය හැකිය.
Edit——>Clear——>Contents - cell හෝ cell range 1ක් සතු Data  මකා  දැමිය හැකිය.
Edit——>Clear——>All - cell හෝ cell range 1ක් සතු Formattings සහ data මකා දැමිය හැකිය.


Selecting Cells

1.cell එකක් තෝරා ගැනීමට, එම cell මත click කරන්න.
2.cell range 1ක්තෝරා ගැනීමට.




Click and Drag




3.row එකක් හෝ column එකක්තෝරා ගැනීමට column name හෝ row number මත click කරන්න.











4.විවිධ ස්ථානවල ඇති cells ‍තෝරා ගැනීමට Ctrl සමග අවශ්‍ය Cells මත click කරන්න.










Copy, Cut and Paste

යම් තැනක ඇති text\number\formula එකක පිටපතක් වෙනත් තැනකට ලබා ගැනීමට copy භාවිතා කල හැකිය.cut or copy කරන ලද දෙයක් අවශ්‍ය ස්ථානයට ලබා ගැනීම සදහා paste කල යුතුයි.

Formatting Cells

Cell එකක් හෝ cell range ‍තෝරා ඒවා සතු නොයෙකුත් ගුනාංග වෙනස් කිරීම Format cells නමින් හැදින්වේ.මෙහිදී cell එකෙහි දත්ත වර්ග, එවා පිහිටන පැත්ත සහ fonts ආදිය වෙනස් කල හැකිය.

Fonts - (Home ——> Font)

Fonts, font size, font colour, සහ underline ඇතුලුව word හි දක්නට ලැබුනු effects කීපයක්ද වෙනස් කර ගැනීමේ හැකියාව මෙහි ඇත.
1. fonts වෙනස් කිරීමට 
2. font size වෙනස් කිරීමට
3. font size විශාල සහා කුඩා කිරීමට
4. පිලිවෙලින් Bold, Italic සහ underline කිරීමට
5. ‍තෝරා ගත් cells වලට shading apply කිරීමට
6. fonts වල colour වෙනස් කිරීමට
7. cells වටා border එකක් යෙදීමට අවස්ථාවන්තෝරා ගැනීමට.

Alignment - (Home ——>Alignment)

Cell එකක දත්තයන් පිහිටිය යුතු දිශාව/ පැත්ත වෙනස් කර ගැනීම,cell merge කිරීම ආදී කාර්යයන්කල හැකි වේ.






  1. සිරස් අතට center කිරීමට
  2. Text එකක් යම් ඇලයකට පිහි‍ටුවීමට
  3. Cell එකෙහි පළල වෙනස් නොකර කිරීමට
  4. තිරස් අතට Center කිරීමට
  5. Cell හි වමේ සිට එකට ඇති දුර අඩු/වැඩි කිරීමට
  6. Cell කිහිපයක් එක් කිරීමට

Number – (Home ——>Number)

සාමාන්‍ය සියලු දත්තයන්ටම ගැලපෙන ලෙස General Format අවස්ථාව ක්‍රියාත්මක වන අතර,අප ඇතුල් කිරීමට බලාපොරොත්තු වන දත්තයන්ට ගැලපෙන ආකාරයට Settings වෙනස්කල හැක.

  1. අවශ්‍ය Number Format එක ‍තෝරා ගැනීමට
  2. අවශ්‍ය මුදල් ඒකකයක් ‍තෝරා ගැනීමට
  3. දහසින් දහස වෙන් කිරීම සඳහා "," යෙදීමට
  4. දශම ස්ථාන ගණන අඩු හෝ වැඩි කිරීමට

Inserting Cells, Columns, Rows & Sheet


Worksheet එකකට අමතර Column එකක්, Row එකක් හෝ Workbook එක තුළ අමතර Worksheet එකක් ඇතුල් කරගැනීමට

Column හෝ Row අවශ්‍ය ස්ථානයේ Cell Pointer තබන්න.


Columns කීපයක් අවශ්‍ය නම් පළමුව අවශ්‍ය Columns ගණනට සමාන Columns ගණනක් Select කරන්න.පසුව Columns ඇතුල් කිරීමට අදාල විධානයක් ලබා දෙන්න.


Worksheet එකකට Cell එකක් ඇතුල් කිරීමට යාමේදී ලැබෙන Dialog box තුල දැක්වෙන Option එකක් ‍තෝරා ගන්න.



Deleting Cells, Columns, Rows & Sheet


Worksheet එකක් ඉවත් කිරීමට සහ එම Worksheet එකක ඇති Columns, Rows  හෝ Cells මැකිය හැක.ඒ සඳහා මැකීමට අවශ්‍ය Columns, Rows හෝ Cell එකෙහි Cell Pointer තබා අවශ්‍ය විධානය ‍තෝරා ගන්න.


Format

Columns සහ Rows වල පළල සහ උස වෙනස් කිරීමටත්,ඒවා සැගවීම සහ නැවත ලබා ගැනීමටත්,Worksheet වල යම් යම් වෙනස්කම් කිරීමටත්,Format තුලින් අවශ්‍ය විධානය ‍තෝරා ගන්න.


Row Height - (පේලියක උස වෙනස් කිරීම)

ඒ සඳහා අවශ්‍ය Row එකක් හෝ කිහිපයක් ‍තෝරා ගන්න.
Home ——> Format ——> Row Height


Column Width – (තීරුවක පළල වෙනස් කිරීම)

පලළ වෙනස් කිරීමට අවශ්‍ය Cloumn එකක් හෝ කීපයක් ‍තෝරා ගන්න.
Home ——> Format ——> Column Width


Math Functions

Worksheet එකක් තුල ඇති Cells වල අන්තර්ගත කර ඇති සංඛ්‍යා භාවිතා කරමින් සිදු කරන ගණිතමය සුළු කිරීම් සඳහා මෙම Function භාවිතා කල යුතුයි.මෙවැනි අවස්ථාවකදී වල අඩංගු සංඛ්‍යා වලට අමතරව අප විසින් ලබාදෙන සංඛ්‍යාද මේ සඳහා භාවිතා කල හැකි වේ.

    1.   SQRT - cell එකක් තුල ඇති සංඛ්‍යා වර්ග මූලය ලබාගැනීම සඳහා
          =SQRT(වර්ග මූලය ලබාගැනීමට අවශ්‍ය cell එකෙහි ලිපිනය)
          උදා:-

2.   SUM - Cell Range එකක් තුල ඇති සංඛ්‍යාවන්ගේ එකතුව ලබාගැනීම සඳහා
      =SUM(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range)
          උදා:-

=SUM(A1:A6)


    
    3.   SUMIF - Cell Range එකක් තුල ඇති අප විසින් සඳහන් කරන සංඛ්‍යාවන්ගේ එකතුව පමණක්
          ලබා ගැනීම
          =SUMIF(එකතුව ලබාගැනීමට අවශ්‍ය Cell Range “අප විසින් සඳහන් කරන සන්ඛ්‍යාව)
          උදා:-

  
උදා :- 1     =SUMIF(A1:A8,”=75”)
උදා :- 2    =SUMIF(A1:A8,”<=60”)



=SUMIF(A2:A5,”>50000”,B2:B5)Sum of the commission for property values over 160000(63,000)

    4.    POWER - Cells තුල ඇති හෝ අප විසින් දෙන ලද සංඛ්‍යාවන් භාවිතයෙන් එම සංඛ්‍යාවල
           බලය සෙවීම. 
           =POWER(සංඛ්‍යාව හෝ Cell Address, එම සංඛ්‍යවේ බලය)
           උදා :- 1          =POWER(A1,3)
           උදා :- 2          =POWER(5, 2)


Statistical Functions

    1.    AVERAGE - cells තුල ඇති සංඛ්‍යාවන්ගේ හෝ අප විසින් දෙන ලද සංඛ්‍යාවන්ගේ
           සාමාන්‍ය සෙවීම


=AVERAGE(Cell Range හෝ සාමාන්‍ය සෙවීමට)
=AVERAGE(A2:A6)




තවද MAX,MIN,COUNT යනාදී ලෙස Statistical Functions රාශියක් ඇත.

Logical Functions

Excel  තුල දක්නට ඇති තාර්කික ශ්‍රිත Logical Functions නමින් හැදින්වේ.මේවා භාවිතයෙන් ලබෙන පිලිතුර සත්‍ය හෝ අසත්‍ය වේ.

    1.    IF - යම් cell එකක ඇති දත්තයක් අප ලබාදෙන කොන්දේසි හෝ තත්වයන් වලට ගැලපේද?
           නොගැලපේදයන්න ඉතා පහසුවෙන් දැනගත හැකිය.
    =IF(අප විසින් ලබාදෙන කොන්දේසිය,සත්‍ය නම් ලැබිය යුතු ප්‍රකාශය,අසත්‍ය නම් ලැබිය යුතු  ප්‍රකාශය.)









=IF (A2>B2,"Over Budget","OK") checks whether the first row is over budget (over budget)
=IF (A3>B3, “Over Budget","OK") checks whether the second row is over budget (OK)

Date and Time Functions

    1.    DATE - (වර්ෂය,මාසය සහ දිනය ලබා දෙමින් Date Format සහිත දිනයක්  ලබාගත හැකිය.)
           =DATE(වර්ෂය,මාසය,දිනය)
           උදා :-       =Date(2000, 05, 06)

    2.    TODAY - අද දිනය ලබා ගැනීම සඳහා මෙම ශ්‍රිතය භාවිතා කල හැකිය.
           උදා :-       =Today ()

    3.    DATEVALUE - දිනයක් සතුව ඇති අගය ලබාගැනීම සඳහා භාවිතා කල හැක.
           =DATEVALUE("අගයක් ලබාගැනීමට අවශ්‍ය දිනය")
           උදා :-       =DATEVALUE("05/06/2000")

Post a Comment

22 Comments

  1. බොහොම ස්තුතියි මටත් වැදගත් වුණා...

    ReplyDelete
  2. Great Work............

    ReplyDelete
  3. Office package eke අනිත් වැඩසටහන් ගැනත් විස්තර මේ විදිහටම යොදන්න පුළුවන් කමක් තියනවනම් වටිනාකම ඉහලයි බොහෝම ස්තුතියි......

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. මේ වගේ Post ලියන එක නම් ගොඩාක් වෑදගත්.. Admin ට ගොඩාක් ස්තූතියි.. තවත් මේ වගේ Post ලියන්න හෑකියාව ලෑබේවා..

    මෙම ලින්ක් එකෙන් ඔයාලා තව ගොඩක් දේවල් EXCEL ගෑන දනගන්න යාලුවනේ............ ඒකටත් ගිහින් බලන්නකෝ...
    මෙන්න ලින්ක් එක.
    http://downloads.ziddu.com/downloadfiles/16770223/Excel_Ishar_Jayasundara.rar

    ReplyDelete
  6. ස්තුතියි.දිගටම කරන් යන්න.

    ReplyDelete
  7. ela ela godak vatinawa broo

    ReplyDelete
  8. ela ela godak vatinawa broo

    ReplyDelete
  9. mata deyak dana ganna one......mokadda ICTA sri lanka,,kiyala kiyanne kiyala denawada.....a wegema country portal kiyanne mokadda kiyalath danaganna one...udaw karanawada.......

    ReplyDelete
  10. Godak hoda wedak. ideriyata karagena Hanna.

    ReplyDelete
  11. Godak hoda wedak. ideriyata karagena Hanna.

    ReplyDelete
  12. Very useful to us. .thanx. .and plz continue this. .

    ReplyDelete
  13. බොහොම ස්තුතියි. තව advance දේවල් ඇතුලත් කරන්න. update කරන්න තව තව දැනුම. (y)

    ReplyDelete
  14. බොහොම ස්තූතියි....

    ReplyDelete

ඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.