Sunday, July 29, 2012

Computer Networking-Part 2

පරිගණක ජාල ආකෘති(Network Architectures)

1. Peer to Peer Architecture
2. Client-Server Architecture

1. Peer to Peer Architecture


Peer to Peer ආකෘතියක ඇති පරිගණකයක් හඳුන්වනු ලබන්නේ Peer එකක් වශයෙනි.මේ ආකාරයට එනම් ඉහත රූපයෙන් පෙන්වන පරිදි සකස්කරන ලද පරිගණක ජාලයක් Peer to Peer ආකෘති ගණයට වැටේ.

මේ ආකාරයට පරිගණක ජාලය නිර්මාණය කර අදාළ පරිගණක වල සැකසුම් සාදා ගත් විට පරිගණක අතර සන්නිවේදනය කල හැක.එමෙන්ම සම්පත් හුවමාරු කර ගනිමින් භාවිතා කල හැක.





2. Client-Server Architecture

ඉහත රූපයෙන් පෙන්වා ඇත්තේ Client-Server ආකෘතියේ ආදර්ශ සටහනකි.එහෙත් ප්‍රායෝගිකව මේ අයුරින් ජාලය සම්බන්ද කර නැති බව මතක තබාගන්න.මෙහිදී සිදුවන්නේ Server පරිගණකයේ ඇති වැඩසටහන් හා Client පරිගණකය සම්බන්ද කිරීමයි.ප්‍රායෝගිකව මෙසේ Client හා Server පරිගණක කෙලින්ම සම්බන්ද කල නොහැකි බව ඔබට තේරෙන්නට ඇත.මෙය සිදු කිරීමට නම් මධ්‍ය ගත ඒකකයක් එනම් Hub, Switch හෝ Router යන එකක් අවශ්‍ය වේ.

මෙම ක්‍රමයෙන් පරිගණක ජාලය පාලනය කිරීමේ පහසුව සලසා දෙයි.යම් යම් අවස්ථාවලදී පරිගණක ජාලයේ ඇති පොදුවේ භාවිතාකරන පරිගණක වැඩසටහන්වල වෙනස්කම් ඇති කිරීමේදී Server පරිගණකයේ අති   වැඩසටහනේ වෙනස් කම් කිරීම ප්‍රමානවත් වෙයි.

මෙම ක්‍රමය වියදම් අධික උවත් පරිගණක ජාලයේ පරිගණකවල දත්ත සම්බන්දයෙන් සැලකීමේදී ඒවාට ආරක්ෂා සහිතව පිටපත් තබාගැනීම(Data Backup),මධ්‍යගත පරිපාලනය(Centralized Administration) යන කරුණු සලකා බැලීමේදී පරිගණක ජාලයක් සඳහා සුදුසුම ක්‍රමය වෙයි.

මෙහි ඇති ප්‍රධානම අවාසියනම් Server පරිගණකයේ දෝෂ ඇති උවහොත් පරිගණක ජාලයේ වැඩසටහන් අක්‍රීය වීමයි.

පරිගණක ජාලයක මූලික කොටස්(Basic Components of Computer Network)

  • PC/Servers/Workstation
  • NIC(Network Interface Card)
  • HUB
  • SWITCH
  • ROUTER
මෙම කොටස් ගැන සවිස්තරව සලකා බලමු.

PC/Server/Workstation

මෙමගින් අදහස් වන්නේ මූලික වශයෙන්ම අප භාවිතා කරන පරිගණකයි.එහෙත් මේවායේ වෙනස්කම වන්නේ ඒවායේ දත්ත සැකසුම් වේගය(Data Processing Speed) හා භාවිතා කරන තාක්ෂණයයි.

            PC-Personal Computer
            පුද්ගල පරිගණක එනම් අප සාමාන්‍යයෙන් පාවිච්චි කරන පරිගණක මෙයට අදාළ වේ.

            Server
පරිගණක ජාලයකට සම්බන්ද කර ඇති පුද්ගල පරිගණකයකට වඩා බොහෝ බලසම්පන්න  පරිගණක මේ නමින් හැදින්වේ.බොහෝ දෙනෙක් අතර එකම පරිගණක වැඩසටහන් හා අදාල තොරතුරු,සේවා පරිගණක ජාලය ඔස්සේ අනෙක් පරිගණක වලට ලබාදීමට හෙවත් ප්‍රදානය(Serve) කිරීමට Server පරිගණක යොදා ගනී.පුද්ගල පරිගණක වලට වඩා මිලෙන් අධිකය.

            Workstation
            පරිගණක ජාලයකට සම්බන්ද කොට හෝ නොකොට ඇති එහෙත් පුද්ගල පරිගණකයකට වඩා  ඉතා
            බලසම්පන්න පරිගණක මේ නමින් හැදින්වේ.මේවා භාවිතා කරනු ලබන්නේ තාක්ෂණික,
            පර්යේෂණ හා විද්‍යාත්මක කටයුතු සදහාය.මිල ඉතා අධිකය.        
            

NIC-Network Interface Card

1
2
ඉහත 1 රූපයෙන් පරිගණකයට වෙනම සම්බන්ද කල හැකි නෙට්වර්ක් කාර්ඩ් එකක් එහෙම නැතිනම් NIC එකක් දක්වා ඇති අතර 2 රූපයෙන් දැක්වෙන්නේ මවුපුවරුව(Motherboard) මතම On Board ආකාරයට සිටින සේ නිෂ්පාදනය කරන ලද NIC එකකි.

පරිගණක ජාලකරණය සඳහා විවිධ වර්ගයේ මාධ්‍යයන් යොදාගැනේ.මෙහිදී දක්වා ඇත්තේ ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන CAT6 වර්ගයේ ‍රැහැන්(Cables) යොදාගෙන ගොඩනගන්නාවූ පරිගණක ජාල සඳහා භාවිතා කරනු ලබන NIC එකකි.


HUB



HUB එකක් යනු පරිගණක ජාලයක පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා යොදාගන්නා උපකරණයකි.HUB එකක් වැනි මද්‍යස්ථ උපකරණයක් යොදා තනන ලද ජාලයක් Star Topology ආකාරයට පවතින ජාලයක් බව ඔබට වැටහෙන්නට ඇති බව විශ්වාස කරමි.



මූලික වශයෙන් HUB වර්ග 2 ක් ඇත.ඒවා නම්

  • Passive HUB
  • Active HUB
Passive HUB වලදී සිදුකරනු ලබන්නේ ඒ ඒ පරිගණක වලට කේබල් සම්බන්දතා ලබා දීම පමණකි.මෙයට අතිරේකව බලය ලබාදීමට අවශ්‍ය නැත.දත්ත ගලා යාම පාලනයකින් තොරය.එක පරිගණකයකින් නිකුත් කරන ලද දත්ත අනෙක් සෑම පරිගණකයකටම යොමු කරනු ලබයි.

Active HUB වල දීද ඉහත කරුණු කාරනා එසේම පැවතියද,අතිරේකව බලය සැපයිය යුතු වීම හා එම Active HUB පරිගණක ජාලය තුල දත්ත සංඥා වර්ධනය කරන නිසා Active HUB එකකින් තවත් Active HUB එකකට සම්බන්ද කල හැකිවීම මගින් ජාලය පුළුල් කිරීමට හැකිවීම මෙහි ඇති ප්‍රධානම වෙනස් කම වේ.Passive HUB වලදී ජාලය පුළුල් කිරීමට නොහැකිවන අතර එයට සම්බන්ද කල හැක්කේ අඩු පරිගණක සංඛ්‍යාවකි.එයට හේතුව නම් පරිගණක සංඛ්‍යාව වැඩිවත්ම දත්ත සංඥා වල ප්‍රභල තාව අඩු වීමයි.

වර්තමානයේ පරිගණක ජාලකරණය සඳහා HUB භාවිතයට ගනු නොලැබේ.


SWITCH



Switch එකක් යනු HUB එකකට වඩා බුද්ධිමත් උපාංගයකි.ක්‍රියාත්මක වීම සඳහා පිටතින් බලය ලබාදිය යුතුවේ.Switch එකකට බලය ලබාදුන් පසු එයට සම්බන්ධව ඇති පරිගණකවල MAC Address ලබාගනී.MAC Address එකක් යනු පරිගණක උපාංගයක් තුලට නිෂ්පාදනය කිරීමේදී නිෂ්පාදකයා විසින් ඇතුලත් කරනු ලබන සංඛේත අංකයකි.මෙසේ Switch එක එම අදාළ සංඛේත අංකය මතකයේ තබාගන්නේ එක පරිගණකයකින් නිකුත් කරන ලද තොරතුරු යැවීමට අදාළ වන අනෙක් පරිගණකයට පමණක් ආරක්ෂාකාරීව තොරතුරු යැවීමටයි.HUB එකක් මෙන් මෙහිදී අදාළ තොරතුරු මුළු පරිගණක ජාලය පුරා මුදාහරිනු නොලබයි.
වර්තමානයේ සියලුම පරිගණක ජාල සැකසීමේදී බහුලව යොදාගනු ලබන්නේ Switch වේ.


ROUTER


එකිනෙකට වෙනස් වූ දත්ත සම්ප්‍රේෂණ ජාලයන් හරහා පරිගණක ජාල අතර දත්ත හුවමාරුව සඳහා Router යොදාගනී.උදාහරණයක් ලෙස ගතහොත් දුරකථන ‍රැහැන ඔස්සේ දුරස්ථ ස්ථාන දෙකක පිහි‍ටුවා ඇති ජාල දෙකක් එකිනෙක සම්බන්ද කිරීම දැක්විය හැකිය.එකිනෙක කාර්යයන් සඳහා යොදාගන්නා Router වර්ග මාදිලි විශාල ගණනක් වෙළඳ පලේ දක්නට ඇත.


මීට අමතරව පරිගණකයකට අන්තර්ජාල සබදතාවය ලබා ගැනීමට Modem එකක්ද භාවිතා කරයි.


MODEM(Modulator & Demodulator)

බොහෝ විට අප අන්තර්ජාල සේවා ලබා ගන්නේ සාමාන්‍ය දුරකථන සම්බන්ධතාවයක් හරහාය.දුරකථන මාර්ගවල සංඥා ගමන් කරනුයේ Analog Signal ලෙසය.නමුත් පරිගණකයේ භාවිතා වන්නේ Digital Signal ය.මෙසේ පරිගණකයක් දුරකථන මාර්ගයක් හරහා අන්තර්ජාලයට සම්බන්ධ කිරීමට නම් Digital Signal-Analog Signal බවටත්,Analog Signal-Digital Signal බවටත් පරිවර්තනය කරගත යුතු වේ.මෙලෙස සංඥා පරිවර්තනය සඳහා යොදාගනු ලබන්නේ Modem ය වේ.මේවා පරිගණකයට භාහිරව හා මවුපුවරුව(Motherboard) මතට සම්බන්ධ කිරීමට හැකිවන අයුරු ලෙස ආකාර දෙකකින් පවතී.


පරිගණක අතර සන්නිවේදන මාධ්‍යයන්(The Communication Media)

පරිගණක ජාලයක කුමන උපකරණ තිබුනත් ඒවා එකිනෙක සම්බන්ධ කිරීමට මාධ්‍යයක් නොමැති නම් කිසිම ඵල ප්‍රයෝජනයක් නොමැත.

පරිගණක ජාලයක පරිගණක හා අනෙකුත් අවශ්‍ය උපකරණ සම්බන්ධ කිරීමට පහත සඳහන් මාධ්‍යයන් එකක් හෝ සියල්ලම හෝ යොදගැනේ.

  • තඹ කම්බි මාධ්‍යය(Copper Wires)
  • ප්‍රකාෂ තන්තු මාධ්‍යය(Fiber Optic Cables)
  • විද්‍යුත් චුම්භක තරංග මාධ්‍යය(Electromagnetic Waves)

තඹ කම්බි මාධ්‍යය(Copper Wires)

පරිගණක ජාල තැනීමේදී ප්‍රකටව භාවිතා කරනු ලබන්නේ මෙම මාධ්‍යයයි.මෙහිදී භාවිතා කරනු ලබන්නේ තඹ කම්බි සහිත සිහින් වයර(Wire) 8 ක් යුගල්(Pairs) 4 ක් ලෙස ඇතුලත් කර තනන ලද ‍රැහැන(Wire) කි.එනිසා මෙම වයර වලට Twisted Pair Cables ලෙස ව්‍යවහාර කෙරේ.මෙම ‍රැහැන් වල ඇති විශේෂතා අනුව කොටස් කිහිපයකට බෙදේ.


මෙම වර්ගීකරණයේ ප්‍රථම වර්ගීකරණය එහි දක්නට ලැබෙන වෙනස්කම් හා යොදාගනු ලබන පරිසරය අනුවය.
  • Shielded Twisted Pair(STP)
  • Unshielded Twisted Pair(UTP)

Shielded Twisted Pair(STP)

මෙම වර්ගයේ කේබල් යොදාගනු ලබන්නේ යම්කිසි ගොඩනැගිල්ලකට එළියෙන් සවිකරනු ලබන්නේ නම් හෝ විද්‍යුත් චුම්භක තරංග නිසා ඇතිවන අවහිරතා එනම් Electro Magnetic Interference(EMI) සහිත පරිසර වලදී එම බාධාවන් මගහැර නිවැරදි ක්‍රියාකාරීත්වයක් ලබාගැනීමට වේ.



මෙවැනි කේබලයක ඇතුලතින් අනුකේබල් යුගලයන් සිහින් ඇලුමිනියම් ස්ථර(Polyester Aluminum Foil) වලින් ආවරණය කර ඇත.මෙම ස්ථර එක් පසෙකදී හෝ කුමන ආකාරයකින් හෝ භූගත(earth) කලයුතු වේ.මෙමගින් දත්ත සන්නිවේදනයේදී විද්‍යුත් චුම්භක තරංග නිසා ඇතිවෙන බාධාවන් අවම අගයකට පත්වේ.



Unshielded Twisted Pair(UTP)


මෙහි ඇති කේබලයේ හා ඉහතින් සඳහන් කේබලයේ ඇති එකම වෙනස නම් අලුමිනියම් ආවරණ නොමැති වීමයි.මේවා යොදාගන්නේ යම්කිසි ගොඩනැගිල්ලකට ඇතුලතින් සවිකිරීමට පමණි.Shielded Twisted Pair වලට වඩා මිලෙන් අඩුය.Electromagnetic Interference සඳහා ප්‍රතිරෝදීතාවයක් නොදක්වයි.බොහොමයක් Local Area Network සඳහා යොදාගනු ලබන්නේ මෙම කේබල් වර්ග දෙකයි.


මෙම කේබල් පරිගණකයකට හෝ Switch එකකට සම්බන්ධ කිරීමේදී දෙකෙලවරට සම්බන්ධ කිරීමට RJ45 සම්බන්ධක(Connectors) භාවිතා කරයි.





RJ45 Connector







මෙම කේබල සම්බන්ධ කිරීමේ ආකාර අනුව කේබල් වර්ග දෙකකි.
  • Patch Cable
  • Cross Over Cable


එම කේබල තනා ගැනීමේදී ඇතුලත ඇති වයර යුගලයන් RJ45 සම්බන්ධක හා සවිවිය යුතු ආකාරය පහත දක්වා ඇත.




Coaxial Cable


මධ්‍යයයේ තඹ හෝ ඇලුමිනියම් කම්බියක් හා එය වටා පරිවාරක ස්ථර කිහිපයකින් වටවී සෑදී ඇත.මෙය හරහා සංඥා ගමන් කරනුයේ මධ්‍යයයේ ඇති කම්බිය තුලිනි.සාමාන්‍යයෙන් රූපවාහිනී සඳහා භාවිතා කරන කේබලයද මෙයම වේ.මේවා වර්තමානයේදී භාවිතා කරනු නොලැබේ.මෙයපැරණි තාක්ෂණයකි.




ප්‍රකාෂ තන්තු මාධ්‍යය(Fiber Optic Cables)

Fiber Optic Cables හරහා දත්ත හුවමාරු කරනු ලබන්නේ ආලෝක කදම්භයක්(Light Beam) උපයෝගී කරගෙන බව ඔබ දන්නවා ඇත.මෙම තාක්ෂණය භාවිතාකිරීමේදී ලැබෙන වාසි බොහොමයකි.

  • අනෙකුත් විද්‍යුත් චුම්භක තරංග වලින් ඇතිවන අවහිරතා අඩු වීම.
  • හොද දත්ත වේගයක් පවත්වා ගතහැකි වීම.
  • දත්ත හුවමාරු කරනු ලබන්නේ ආලෝක කදම්භයක් මගින් වන නිසා අකුණු සහ වෙනත් විදුලි කාන්දු නිසා ඇතිවන හානි අවම වීම.

මෙහි ඇති අවාසි නම්,
  • කේබල වල මිල අධික වීම.
  • ඉක්මනින් කැඩීයාමට ලක්වීම.
  • ඒ හා සම්බන්ධ උපාංග වල මිල අධික වීම.
වර්තමානයේ Fiber Optic Cables හා ඒ හා සම්බන්ධ උපාංග බහුල වශයෙන් ප්‍රයෝජනයට ගනී.



මෙම කේබල භාවිතා කරනු ලබන ඒ ඒ පරිසරයට ඔරොත්තු දෙන පරිදි නිපදවනු ලබයි.මේවා ආවරණ කිහිපයකින් යුතු හා ඇතුලත සිහින් වානේ කම්බි ස්ථරයක් යොදා තනන ලද Armed Cables යොදා ගනී.මෙම වර්ගයේ කේබලයක දත්ත හුවමාරු කිරීමට යොදාගන්නා සිහින් තන්තු වලට අමතරව වැඩිපුර ප්‍රමාණයක් ඇත්තේ ආවරණ බව ඔබට පෙනී යනවා ඇත.මේවාට මෙපමණ ආරක්ෂාවක් යොදනු ලබන්නේ ඉක්මනින් කැඩී බිඳ යාමට හැකි නොවන පරිදි තබා ගැනීමටය.



ලෝකයේ මහාද්වීප හා මුහුද හරහා වැටී ඇති Fiber Optic Cables ජාලයක් ඇති බව ඔබ සමහරවිට දන්නවා ඇත.



17 comments:

Anonymous said...

Thanks!!! These posts are very useful.....But as I see this site is not updating anymore....
Please continue it because there are many students who are getting much advantage from it.Specially AL ICT students like us...Lessons about Systems,Process management,Memory management etc. would be really useful.....
...Regards!........

Anonymous said...

good

Anonymous said...

THANX...GODAK USEFUL
OST, TCP/IP GENA TIKAK KIYALA DENNA PULUWANDA??

Anonymous said...

computer network karaddi settings hadana vidiya ,cable 1 sudanam karana vidiya gena kiya denna puluwanda??

Vishwajith Gamage said...

thx mchn

Danushka said...

ගොඩාක් දේවල් දෑනගත්තා.. බොහොම ස්තූතියි..

Wijesekara Kumara said...

ගොඩාක් ස්තූතියි..

white hat said...

usefull

Nipuna Lakshan said...

Network Protocols - OSI - TCPIP gena podi wistrayk denn puluwanda

Chapa Thathsarani said...

vry useful.,

lakshan gunarathna said...

ela machan networking 3 danawanam ela..

Anonymous said...

where is the first party of this post?

Vidusha said...

ela

Vidusha said...

ela

vihanga nivarthana said...

thanx ☺

akmal niazi khan said...

Programming is very interesting and creative thing if you do it with love. Your blog code helps a lot to beginners to learn programming from basic to advance level. I really love this blog because I learn a lot from here and this process is still continuing.
Love from Pro Programmer

ishangi mindika said...

good & thanks

Post a Comment

ඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.

Related Posts Plugin for WordPress, Blogger...
Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes | Dcreators