Subscribe Us

header ads

ICT in Real Life

  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT)
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය යනු පරිගණක හා දුරකථන සන්නිවේදන තාක්ෂණය යොදාගෙන සිදු කරනු ලබන තොරතුරු හුවමාරුවයි.
මෙය තොරතුරු තාක්ෂණයට බොහෝසෙයින් සමාන වන අතර මෙහි Internet, Cell Phones සහ අනෙකුත් සන්නිවේදන මාධ්‍යන් ඇතුලත් වේ
  • තොරතුරු තාක්ෂණ ක්ෂේත‍්‍රයේ පවතින රැකියා අවස්ථා
1. Software Engineer - පරිගණක මෘදුකාංග සඳහා මෘදුකාංග ඉංජිනේරු මුලධර්ම ඇතුලත් කරමින් මෘදුකාංග සැලසුම් කිරීම , සංවර්ධනය කිරීම , පරික්ෂා කිරීම හා ඇගයීමේ කටයුතු සිදු කරයි.

2. Project Manager - මෘදුකාංග සඳහා වූ ව්‍යාපෘති සැලසුම් කිරීමේ සිට මෘදුකාංග නිෂ්පාදනය දක්වා වූ කාර්යන්වල නායකත්වය හා වගකීම් දරයි.

3. Network Engineer - සංවිධානයක් හෝ සංවිධාන තුල සන්නිවේදන කටයුතු වලට අදාල පරිගණක ජාල ස්ථාපිත කිරීම හා නඩත්තු යන කටයුතු සැලසුම් කරයි.

4. Web Designer - නිර්මාණශීලී ලෙස වෙබ් අඩවි සකස් කිරීමට අදාල කාර්යන් සිදු කරයි.

5. Application Developer - මෘදුකාංග සංවර්ධනයට අදාල code ලිවීම සිදු කරයි

6. Database Administrator - පරිගණක දත්ත පද්ධති වලට අදාල ආරක්ෂණ , සංවර්ධන හා නඩත්තු කටයුතු සිදු කරයි.

7. Database Engineer - පරිගණක දත්ත පද්ධති සැලසුම් කිරීම,නඩත්තු කිරීම, හා සංවර්ධන කටයුතු වලට අදාල වගකීම දරයි.
  • තොරතුරු තාක්ෂණයේ ඇති වැදගත්කම
  1. සන්නිවේදනය වේගවත් වීම
  2. සන්නිවේදන පිරිවැය අඩු වීම
  3. තාත්වික සන්නිවේදනයක් සිදු කල හැකිවීම
  4. ලිපි ලේඛන භාවිතය අඩු වීම
  5. සන්නිවේදන කටයුතු පහසු වීම
  • තොරතුරු තාක්ෂණය සඳහා පවතින බාධක
  1. නවීන මෘදුකාංග වල පවතින ඌනතාවය
  2. දුරස්ථ ප‍්‍රදේශවල පවතින යටිතල පහසුකම් වල ඌනතාවය
  3. තොරතුරු තාක්ෂණයේ පිළිබඳව පවතින දැනුවත්භාවයේ ඌනතාවය
  4. ප‍්‍රමාණවත් ගොඩනැගිලි පහසුකම් නොමැතිකම
  5. පිරිවැය අධික වීම
  6. තොරතුරු තාක්ෂණයේ සඳහා සිදුකරනු ලබන ආයෝජන ප‍්‍රමාණවත් නොවීම
  7. වෙනත් සමාජමය ගැටළු
  • ඩිජිටල් ආර්ථිකය : Digital Economy
ඩිජිටල් ආර්ථිකය යනු විද්‍යුත් ව්‍යාපාරවල භාණ්ඩ හා සේවා (Electronic goods and Service) නිෂ්පාදනය හා බෙදාහරීමේ වෙළඳපල මත පදනම් වූ ආර්ථිකයකි.
මෙහිදී ආර්ථික කටයුතු පරිගණක ,අන්තර්ජාලය හා වෙබ් සේවා මත පදනම් වී ඇති අතර මුදල් ලෙස බොහෝ විට ඉලෙක්ට්‍රෝනික මුදල් භාවිතා වේ.
මෙහිදී රජය e-Government තුලින් ආර්ථිකය හසුරවයි. ඒසේම විද්‍යුත් සේවා හරහා රජය සේවාවන් සපයයි.
මේ සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ (ICT) දායකත්වය ඉතා වැදගත් වේ.
  • විද්‍යුත් වාණිජ්‍යය : e -Commerce
පරිගණක හා අන්තර්ජාල තාක්ෂණය උපයෝගී කරගනිමින් භාණ්ඩ හා සේවා නිෂ්පාදනය හා මිලදී ගැනීම් කටයුතු වේ.ලෝකයේ මේ සඳහා වැඩියෙන්ම ලෝක ව්‍යාප්ත වෙබ් ජාල(WWW) උපයෝගී කරගනී.
  • විද්‍යුත් වාණිජ කටයුතු කීපයක්
1. News Groups- විවිධ ක්ෂේත‍්‍රවල පුද්ගලයින් අතර පවතින වෙනස් වන හා නව අදහස් හුවමාරු කරගැනීම සඳහා උපකාරී වන මෙය දැන්වීම් පුවරුවක කාර්යට සමාන වේ.

2.Electronic Tickets - ඩිජිටල් තාක්ෂණය උපයෝගී කරගෙන සකස් කරන ප‍්‍රවේශ පත‍්‍ර වේ.

3. Group Buying - විද්‍යුත් ව්‍යාපාර වලින් එකවර විශාල තොග මිලදී ගැනීම සඳහා සංවිධාන කිහිපයක් එකට එකතු වී මිලදී ගැනීම් සිදු කිරීමයි

4.Teleconferencing - දුරකථන සන්නිවේදන තාක්ෂණය භාවිත කරමින් පුද්ගලයින් සමුහයක් අතර සිදු කරන සාකච්චා කටයුතු වේ.

5. Online Shopping- පරිගණක හා අන්තර්ජාලය භාවිත කරමින් නිවසේ සිටම භාණ්ඩ හා සේවා මිලදී ගැනීමයි

6.Online Banking - පරිගණක හා අන්තර්ජාලය භාවිත කරමින් නිවසේ සිටම බැංකු කටයුතු සිදු කිරීම

  • විද්‍යුත් වාණිජ්‍යයේ ස්වරූප
ගනුදෙනු සිදුවන පාර්ශව අනුව වර්ග වේ
  • ව්‍යාපාර ව්‍යාපාර අතර B 2 B
  • ව්‍යාපාර හා පාරිභෝගිකයන් අතර B to C
  • ව්‍යාපාර හා රජය අතර B 2 G
  • පාරිභෝගිකයන් හා පාරිභෝගිකයන් අතර C 2 C
  • රජය හා ව්‍යාපාර අතර G to B

විද්‍යුත් වාණිජ්‍යයේ වාසි
  • ඉක්මනින් මිලදී ගැනීමට හා විකිණිමට ඇති හැකියාව
  • පාරිභෝගිකයින්ට ඉක්මනින් ළඟා වීමේ හැකියාව
  • අඩු මෙහෙයුම් පිරිවැය
  • ව්‍යාපාර කටයුතු කළමනාකරණයේ පහසුව
විද්‍යුත් වාණිජ්‍යයේ අවාසි
  • භාණ්ඩවල ගුණාත්මකභාවය සඳහා සහතිකයන් නොමැතිවීම
  • කාර්මික දෝෂ මත ව්‍යාපාර බිඳ වැටිය හැක
  • ව්‍යාජ වෙබ් අඩවි පැවතීම
විද්‍යුත් ව්‍යාපාර
විද්‍යුත් ව්‍යාපාර විද්‍යුත් වාණිජ්‍යට වඩා පුළුල් සංකල්පයක් වන අතර තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ භාවිතීය අවස්ථාවන්ය.විද්‍යුත් ව්‍යාපාර සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ වෙනස් වීම ඉක්මනින්ම බලපායි. නව්‍යතා සම්පාදනයට හා ඉක්මනින්ම වෙනස් වීමට හැකියාව තිබිය යුතුය
  • විද්‍යුත් ව්‍යාපාර වර්ග
1. E shops
2. E auctions
3. E entertaintment
4. E mails
විද්‍යුත් ව්‍යාපාර වල වාසි

1. ව්‍යාපාර අතර තරගකාරී බව
2. කාලය හා පිරිවැය අඩු වීම
3. වැඩි පාරිභෝගිකයින් සංඛ්‍යාවක් පිවිසීම
විද්‍යුත් ව්‍යාපාර වල අවාසි

1. මිලදී ගැනීම් වලදී ව්‍යාපාර අලෙවි කරුවන්ට හසු වීම
2. තාක්ෂණයේ භාවිතයේ ගැටළු
3. ඉල්ලූම් කල ඇනවුම් නොලැබීම
4. භාණ්ඩ ස්පර්ශ කල නොහැකි වීම
නව ප‍්‍රවනතා

1. Web Portal
2. Soft Money
3. Virtual Stores
4. Online Auctions

Post a Comment

6 Comments

ඔබගේ ගැටළු අදහස් හා යෝජනා මෙහි සඳහන් කරන්න.