Subscribe Us

header ads

History of Computer

සියවස් ගනනාවකට ඉහතදී පමණ සිට මිනිසුන් ගණනය කිරීමේ ක්‍රමවේද පිළිබඳව අධ්‍යනය කළේය.එම නිසා පරිගණක ඉතිහාසය පහත දැක්වෙන පරිදි මාතෘකා 3 ක් යටතේ කතා කල හැක.
  1. Early computational devices
  2. Early computers
  3. Generation of computers

Early computational devices

මුල් කාලීන මිනිසුන්ට සරල ගණනය කිරීම් වල අවශ්‍යතාවයන් පැන නැගින.ක්‍රි.පූ.3000 කාලයේදී චීන වෙළඳුන් විසින් Abacus නැතිනම් ගනකරාමු මේ සඳහා යොදා ගැනින. මුල්කාලීන යන්ත්‍ර බොහොමයක් යාන්ත්‍රික වූ අතර ඒවා මිනිස් මැදිහත්කමින් ක්‍රියාත්මක කරන ලදී.

1642 දී තවත් මෙවැනිම උපකරණයක් වන Pascaline සාදන ලදී. මෙය ලොව ප්‍රථම ඝණක යන්ත්‍රය වේ. මීලග ඉතා වැදගත්ම සොයා ගැනීම වන්නේ Charles Babbage විසින් සොයා ගන්නා ලද Difference Engine සහ Analytical Engine ය.

Difference Engine

මෙම උපකරණ Electronic නොවූ අතර ඒවා ක්‍රියා කලේ steam engine මගිනි. Charles Babbage පරිගණකයේ මූලික කොටස් ඔහුගේ නිර්මානය හරහා එලි දැක්වූ අතර එබැවින් ඔහු “පරිගණකයේ පියා” ලෙස හදුන්වයි.

Early computers

1880 දී අමෙරිකානු සමීක්ශණ ගණනය කිරීම් වඩා වේගවත්ව කිරීම සඳහා Herman Hollerith විසින් “Tabulating Machine” නමින් වඩා වේගවත් ගණන යන්ත්‍රයක් නිපදවන ලදී.

Howard Icon – Automatic Sequence Controlled Calculator (Howard Mark I)

Mark I පරිගණකය, පරිගණක ක්‍රියාකරුවෙකු නොමැතිව විශාල ගණනය කිරීම් ස්වයංක්‍රීයව සිදුකල හැකි පළමු පරිගණකය විය. මෙම පරිගණකය ප්‍රමාණයෙන් ඉතා විශාල වූ අතර ඉතා සංකිරණ නිපැයුමක් විය. (කොටස් 800,000 කින් හා සැතපුම් 500 ක දිගින් යුතු මුලු රැහන් ප්‍රමාණයකින් සමන්විත විය.)
First Generation (පළමු පරම්පරාව) (1951-1958)

ENIAC

පරිගණක ඉතිහාසයේ පළමු පරමපරාවෙදී පරිගණක circuits සඳහා රික්ත කපාට (Vacuum tubes) memory සඳහා magnetic drums ද යොදා ගනිමින් පරිගණක නිර්මාණය කිරීම ආරම්භ විය.ඒවා ප්‍රමාණය අතින් ඉතා විශාල වූ අතර මිලෙන්ද අධික විය.තවද එම පරිගණක වල දෝෂ සහගත තත්වයන්ද අධික විය.

පළමු පරම්පරාවෙහි පරිගණක වරකදී එක් කාර්යක් පමණක් සිදු කල අතර ඒ සඳහා ඔවුන් machine language (ද්වීමය සංඛ්‍යා) නමැති ක්‍රමවේදය භාවිතා කරන ලදී.

පළමු විද්‍යුත් පරිගණකය - 1946 දී J.Presper Eckert හා John Mauchly, “ENIAC” (Electronic Numerical Integrator & Calculator) නම් වු පළමු විද්‍යුත් පරිගණකය රික්තක කපාට උපයොගී කරගෙන නිපදවන ලදි.


John Von Neumann විසින්, අභ‍යන්තර ගණනය කිරීම් සඳහා ද්වීමය සංඛයා පද්ධතියක් පිළිබඳව යෝජනා කරන ලදී.

Stored program සංකල්පය

1948 න් පසුව නිපදවන ලද සියලුම පරිගණක මෙම සංකල්පය 2 භාවිතා කරන ලදී.
Second Generation ( දෙවන පරම්පරාව ) (1953-1963)

1948 දී William Shockley, John Bardeen හා Walter Brattain විසින් ට්‍රන්සිස්ටරය නිපදවන ලදී.

මෙම කාලයේදී vacuum tubes වෙනුවට transistors යොදා පරිගණක නිර්මාණය ආරම්භ කෙරුණු අතර මෙය radio , TV වලටද යොදා ගැනුනි.මේවා ප්‍රමාණයෙන් කුඩා, වේගවත්, කාර්යක්ෂම electronic පරිගණක විය.

IBM සමාගම ලොව ප්‍රමුඛතම පරිගණක නිශ්පාදන සමාගම වු අතර IBM 1401 පරිගණකය දෙවන පරම්පරවේ මුල්ම පරිගණකයක් ලෙස දැක්විය හැක.

පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.



Third Generation (තෙවන පරම්පරාව )(1964-1979)


1960 දශකයේ මැද භාගයේ ආරම්භ වූ මෙම පරම්පරාවේ පරිගණක ඉතා කුඩා ඒවා සහ වේගවත් ඒවා විය.මෙම පරිගණක වල integrated circuits භාවිතා කිරීම සුවිශේෂී ලක්ෂණයක් විය.මෙතෙක් භාවිත කල punched card හා print-out වෙනුවට key-board, monitors වැනි පහසු ආදාන හා ප්‍රතිදාන උපාංග බිහි විය.


මෙහිදී පරිගණකය තත්පරයකට සිදු කරන ගණනය කිරීම් බිලියන ගණනින් වැඩිය.එම නිසා මෙම පරමපරාවේ බොහෝ පරිගණක විද්‍යාත්මක සහ ව්‍යාපාරික කටයුතු සැලසුම් කිරීමට යොදාගන්නා ලදී. පරිගණකයේ ක්‍රියාකාරීත්වය වේගවත් කිරීමට සහ භාවිතය පහසු වීමට operating systems හඳුන්වා දෙන ලදී.

IBM –System 360, පරිගණකය තෙවන පරම්පරවේ පරිගණයකට උදාහරණයක් ලෙස නම්කල හැක.

නැවතත් නැවතත් පරිගණක වඩාත් ලාබදායී, කුඩා මෙන්ම වඩාත් වේගවත් හා විශ්වාසවන්ත උපකරණ විය.



Fourth Generation (සිවුවන පරම්පරාව ) (1979- වර්තමානය)


සිවුවන පරම්පරාවේ පරිගණක වල විශේෂිත වෙනස් වීමක් සිදු නොවූ අතර පරිගණක ප්‍රමාණයෙන් කුඩා වීම සහ වීගවත් වීම සිදු විය. එයට හේතුව වුයේ කුඩා පරිපත විශාල ප්‍රමාණයක් එකතු කර ඉතා කුඩා ඉඩක ස්ථාපිත කිරීමයි. එලෙස ස්ථාපිත කිරීමෙන් සෑදෙන ව්‍යුහය silicon chips (Microprocessor / chip)ලෙස හඳුන්වයි.

එය කුඩා නමුත් ඉතා විශාල පරිගණන හැකියාවකින් යුක්ත පරිගණකයක් විය.

1978 දී, පුද්ගලික පරිගණක හඳුන්වාදෙන ලදී.

මෙම පරම්පරාවේ පළමු පරිගණක mini computers ලෙස හඳුන්වන අතර පසුව ඒවා තවත් කුඩා බවට පත්විය.



Fifth Generation (පස්වන පරම්පරාව ) (අනාගතය )


මෙම පරම්පරාවේ පරිගණක විවිධ වූ ගවේෂණවල එකතුවක් ලෙස විග්‍රහ කල හැකිය.

  • Artificial Intelligence
  • Knowledge -based expert systems
  • Very high -level programming languages
  • Decentralized computing
  • Very large -scale integration technology (VLSI)
  • Machines are capable of reasoning and decision making the way human beings does.
  • Direct human computer interactions
  • Natural language will be understood by computers.
  • Ability to store knowledge

සරලව පැවසුවහොත්, මෙම පරිගණක බුද්ධිමත් පරිගණක වේ.

Post a Comment

0 Comments